Last Update  :  2025-01-15 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නවසීලන්තයට සැනසිලිදායක ජයක්
වි-20 ලෝක කුසලාන 2024

නවසීලන්තයට සැනසිලිදායක ජයක්

editorial - 2024 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)   

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ නවසීලන්තය සහ උගන්ඩාව අතර ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී ‍පෙරේදා (14 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. නවසීලන්තය මෙවර තරගාවලියේදී ලැබූ පළමු ජය මෙය වන අතර මේ වන විටත් ඔවුහු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවී සිටිති.

ජයග්‍රහණය සඳහා ලකුණු 41 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානුවෝ එක් කඩුල්ලක් පමණක් දැවී ඕවර 5.2 ක් අවසානයේ ඉලක්කය සපුරාගත්හ. ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ පන්දු 15 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 22 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් උගන්ඩාව ටිම් සවුති ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.4 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 40 ක් පමණි. එය විස්සයි-20 ‍ලෝක කුසලාන තරගාවලියකදී කණ්ඩායම් දැවී ගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ටිම් සවුති නිලකුණු ඕවරයක්ද සමග ඕවර 4 ක් යවමින් ලකුණු 4 කට කඩුලු 3 ක් දවාගත් අතර ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 7 කට කඩුලු 2 ක්ද, මිචෙල් සෑන්ට්නර් ලකුණු 8 කට කඩුලු 2 ක්ද, රචින් රවින්ද්‍ර ලකුණු 9 කට කඩුලු 2 ක්ද බැගින් දවාගනිමින් උගන්ඩා ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා සවුතිට අනගි සහායක් දුන්හ.

 

උගන්ඩාව - ඕවර 18.4 කදී සියලු දෙනා දැවී 40
(ටිම් සවුති 04/4, ට්‍රෙන්ට් බෝල්ට් 07/2, මිචෙල් සෑන්ට්නර් 08/2, රචින් රවින්ද්‍ර 09/2)

නවසීලන්තය - ඕවර 5.2 කදී කඩුල්ලක් දැවී 41
(ඩෙවෝන් කොන්වේ නොදැවී 22)

 


අදහස් (0)

නවසීලන්තයට සැනසිලිදායක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.