Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටි්‍රනිඩෑඞ්හි බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (25 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 30 ක ජයක් වාර්තා කිරීමට කොදෙව්වෝ සමත් වූහ. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමටද කොදෙව්වන්ට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඕවර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 149 ක් පමණි. දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ රොමාරියෝ ශෙපඞ් ලකුණු 15 කට කඩුලු 3 ක්ද, ශාමර් ජෝෂප් ලකුණු 31 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් දකුණු අප්‍රිකානු ඉනිම සුනුවිසුණු කර දැමූහ.
ආරම්භක පිතිකරු රීසා හෙන්ඩි්‍රක්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග පන්දු 18 කින් වේගවත් ලකුණු 44 ක් රැස්කළද, ඔහුගේ දැවී යෑමෙන් අනරුව ලකුණු 78 ක් තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සෙසු කඩුලු 8 ද බිඳවැටිණ. එහිදී පිතිකරුවන් 5 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 179 ක් ලබාගත් අතර ආරම්ඊභක පිතිකරු ශායි හෝප් පන්දු 22 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 41 ක්ද, නායක රෝමන් පවෙල් පන්දු 22 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 35 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 179
(ඇලික් අතෑන්ස් 28, ශායි හෝප් 41, නිකලස් පූරන් 19, රෝමන් පවෙල් 35, ශර්ෆේන් රදර්ෆෝඞ් 29, ලිසාඞ් විලියම්ස් 36/3, පැටි්‍රක් කෲගර් 29/2)
දකුණු අප්‍රිකානු පිල - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 149
(රයන් රිකෙල්ටන් 20, රීසා හෙන්ඩි්‍රක්ස් 44, ඒඞ්න් මාක්‍රම් 19, ටි්‍රස්ටන් ස්ටබ්ස් 28, රාසි වැන්ඩර් ඩූසන් 17, රොමොරියෝ ශෙපඞ් 15/3, ශාමර් ජොෂප් 31/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.