Last Update  :  2025-01-24 19:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි
වෝන් - මුරලි කුසලාන

ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

editorial - 2025 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ‘වෝන් - මුරලි’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ප්‍රවේශපත් නිකුත් කර තිබේ. මෙම ටෙස්ට් තරග දෙකම ගාල්ලේදී පැවැත්වෙන අතර www.srilankacricket.lk වෙබ්අඩවිය වෙත පිවිසීමෙන්, තරග සඳහා ප්‍රවේශපත් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැක.

පැමිණ ප්‍රවේශපත් මිලදී ගතහැකි කවුළු දෙකක් මේ මස 27 වැනිදා සිට කොළඹ විද්‍යා මාවතේ සහ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී විවෘත කෙරේ. මෙම ප්‍රවේශපත් කවුළු තරගාවලිය අවසන් වන තුරුම විවෘතව පවතිනු ඇත.

තරගාවලියේ ප්‍රවේශපත් රුපියල් 500 සිට රුපියල් 12,500 දක්වා වන මිල ගණන් යටතේ අළෙවි කෙරේ. ගාල්ල සමනළ පාලම පෙදෙසේ පිහිටි විවෘත කොටසේ (ආසන පහසුකම් නොමැතිව) තරග නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500 කි. එහෙත් ආසන පහසුකම් සහිත ස්ථානවල ප්‍රවේශපත් මිලගණන් ඉහළ දමා තිබේ.

වෝන් - මුරලි තරගාවලිය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියානු ජාතිකයන් විශාල වශයෙන් පැමිණීම සාමාන්‍ය තත්ත්වයකි. ඕස්ට්‍රේලියානු ටෙස්ට් පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන මර්ව් හියුස් ඇතුළු හිටපු ක්‍රීඩකයන් මෙන්ම පෞද්ගලික සමාගම් කිහිපයක්ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් සංචාර සංවිධානය කරති. විදුලිය, ඉන්ධන මෙන්ම ගෑස් ද නොමැතිව, ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදකයක ගිලී සිටි 2022 ජූනි මාසයේදීත් වෝන් මුරලි කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියානු ජාතිකයෝ 3000 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ.

 

ප්‍රවේශපත් මිල ගණන් (දිනයක් සඳහා)

සිටගෙන : රු. 500 යි
නගර ශාලාව - පහළ  : රු 7,500 යි
නගර ශාලාව - ඉහළ මාලය : රු 10,000 යි
ප්‍රභූ මණ්ඩපය : රු 10,000 යි
ගාල්ල ක්‍රීඩා සමාජය - පහළ  : රු 10,000 යි
ගාල්ල ක්‍රීඩා සමාජය - ඉහළ  : රු 12,500 යි


අදහස් (0)

ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.