Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කි‍්‍රකට් සම්මේලනය සංවිධානය කරන යොවුන් අසියානු කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අද (23 වැනිදා) පැවැති තරගයකදී ඇෆ්ඝනිස්ථාන වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කඩුලූ 4 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 53 ක ඉලක්යක් හඹාගිය පාකිස්තාන යොවුන් කී‍්‍රඩකයෝ ඕවර 16.4 ක් අවසානයේ කඩුලූ 6 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු මාස් සදාක්ත් නොදැවී ලකුණු 14 ක් රැුස්කරමින් සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළේය.
එහිදී නූර් අහමඞ් ලකුණු 20 කට කඩුලූ 3 ක්ද, බිලාල් සාමි ලකුණු 16 කට කඩුලූ 2 ක්ද දවාගත් නමුත් පාකිස්තාන කණ්ඩායමේ ජයග‍්‍රහණය වළක්වාලීමට ඔවුන්ට නොහැකි වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන යොවුන් කණ්ඩායම ඕවර 23.1 ක් අවසානයේ ලකුණු 52 කට සීමා කිරීමට පාකිස්තාන යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී අවයිස් අලී, සීෂාන් සමීර් සහ අහමෙඞ් ඛාන් කඩුලූ 2 බැගින් බිඳහෙළමින් ඇෆ්ඝනිස්ථාන ඉනිම සුනුවිසුණු කර දැමූහ.
ඇෆ්ඝනිස්ථාන යොවුන් පිල - ඕවර 23.1 කදී සියලූ දෙනා දැවී 52
(නන්ගෙයලියා ඛරෝතේ 15, අවයිස් අලී 09/2, සීෂාන් සමීර් 12/2, අහමෙඞ් ඛාන් 21/2)
පාකිස්තාන යොවුන් පිල - ඕවර 16.4 කදී කඩුලූ 6 ක් දැවී 53
(මාස් සදාක්ත් නොදැවී 14, නූර් අහමඞ් 20/3, බිලාල් සාමි 16/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.