Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර පාකිස්තානයේදී පැවැත්වෙන තුන් කොන් එක්දින තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සත්කාරක පාකිස්තානය ඊයේ (12 වැනිදා) සමත් විය.
දකුණු අප්‍රිකාවට එරෙහිව කරාචි නුවරදී පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් පාකිස්තාන ක්‍රීඩකයෝ අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ. මෙම කණ්ඩායම් දෙකම පරාජය කළ නවසීලන්තය පෙර සිටම අවසන් තරගයට සුදුසුකම් ලබා සිටියේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 353 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානය ඕවර 49 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකර ගිය අතර එහිදී ශතක ලබාගත් නායක මොහොමඩ් රිස්වාන් (නොදැවී 122) සහ සල්මාන් අගා (134) පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
පන්දු 128 කදී වාර්තා වූ රිස්වාන්ගේ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වූ අතර පන්දු 103 කදී වාර්තා වූ සල්මාන්ගේ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 16 කින් සමන්විත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 352 ක් ලබාගත් අතර එහිදී නායක ටෙම්බා බවුමා (82), හෙන්රිච් ක්ලාසන් (87) සහ මැතිව් බෑට්ස්කේ (83) අර්ධ ශතක ලබාගත්හ.
දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 5 කට 252
(ටෙම්බා බවුමා 82, ටෝනි ඩි’සෝර්සි 22, හෙන්රිච් ක්ලාසන් 87, මැතිව් බෑට්ස්කේ 83, කයිල් වැරීන් නොදැවී 44, ශහීන් අෆ්රිඩි 66/2)
පාකිස්තානය - ඕවර 49 කදී කඩුලු 4 කට 355
(ෆකර් සමාන් 41, බාබර් අසාම් 23, මොහොමඩ් රිස්වාන් නොදැවී 122, සල්මාන් අගා 134, වියාන් මල්ඩර් 79/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.