Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තානු - ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේදී

පාකිස්තානු - ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේදී

editorial - 2021 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නැවතත් ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින් පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම තරගාවලිය මීට පෙර සූදානම් කර තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමටය.

ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සැප්තැම්බර් 1 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල ඉන්දියාව පුරා ව්‍යාප්තවීමත් සමගින් මැයි 4 වැනිදා අත්හිටවූ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණය කර ඇත.

ලෝක කුසලාන සහ ආසියානු කුසලාන වැනි කණ්ඩායම් කිහිපයක් ක්‍රීඩා කරන තරගාවලි සඳහා පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය සිව් වතාවක් ක්‍රීඩා කර ඇතත්, මෙම කණ්ඩායම් දෙක ද්විපාර්ශ්වික තරගාවලියක දී හමුවන පළමු අවස්ථාව මෙයයි. මෙම ද්විපාර්ශ්වික තරගාවලිය අයි.සී.සී සුපර් ලීග් තරගාවලිය යටතේ පැවැත්වෙන්නකි. එක්දින ලෝක කුසලාන සුපිරි ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව, පාකිස්තානය  ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ සිටින අතර ඇෆ්ඝනිස්ථානය 8 වැනි ස්ථානයේ සිටින්නේය.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාස තුලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය 2 වන කාණ්ඩය යටතේ ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.


- 2079

 


අදහස් (0)

පාකිස්තානු - ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.