Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙස බංග්ලාදේශ කාන්තා පිල සහ මැලේසියානු කාන්තා පිල අතර රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 114 ක පහසු දැවැන්ත වාර්තා කිරීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය මැලේසියානු කාන්තා කණ්ඩායමට බංග්ලාදේශ පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 77 ක් පමණි. එහිදී නහිඩා අක්තර් සිය ඕවර 4 ලකුණු 13 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත්තාය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 191 ක් රැස්කළහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී මුර්ෂිදා ඛාතූන් පන්දු 59 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 80 ක් රැස්කිරීමට සමත් වූවාය.
දිලාරා අක්තර් (33) සමග එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 46 කදී ලකුණු 65 ක් එක්කළ මුර්ෂිද, ඉන් නොනැවතී නායිකා නිගාර් සුල්තානා (නොදැවී 62) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 84 කදී ලකුණු 122 සම්බන්ධතාවක්ද ගොඩනගමින් බංග්ලාදේශය කාන්තා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය.
පන්දු 37 කට මුහුණදුන් සුල්තානා හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 20 කදී වාර්තා වූ දිලාරාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
බංග්ලාදේශ කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 191
(දිලාරා අක්තර් 33, මුර්ෂිදා ඛාතූන් 80, නිගාර් සුල්තානා නොදැවී 62)
මැලේසියානු කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 8 දැවී 77
(එල්සා හන්ටර් 20, මහිරා ඉස්මයිල් 15, නහිඩා අක්තර් 13/2)
(ඡායාරූප - ආසියානු ක්‍රිකට් සම්මේලනය අනුග්‍රහයෙනි)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.