Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ඊයේ (28 වැනිදා) ෆ්ලෝරීඩාහිදී පැවැති පෙරහුරු තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඕවර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 161 ක් පමණි. ආර්යන් දත් සහ කයිල් ක්ලීන් කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
මුල් පිතිකරුවන් තිදෙනා වූ පැතුම් නිස්සංක (5), කුසල් මෙන්ඩිස් (4) සහ කමිඳු මෙන්ඩිස් (5) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යෑමෙන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදීම කඩා වැටුණේය. කඩා වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමට මුක්කු ගැසීමට උත්සාහගත් ධනංජය ද සිල්වා පන්දු 22 කදී ලකුණු 31 ක් රැස්කළේය.
කෙසේ වුවත් චරිත් අසලංක ලකුණු 12 කටත්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 15 කටත් දැවී යෑම හේතුවෙන් ධනංජයගේ උත්සාහය අසාර්ථක විය. ඉන් අනතුරුව දසුන් ශානක සමග එක්වූ නායක වනිඳු හසරංග පන්දු 15 කින් ලකුණු 43 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට වෙර දැරීය.
එහෙත් වනිඳුගේ දැවී යෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තු සුන්වී ගිය අතර ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි දසුන් ශානක නොදැවී ලකුණු 35 ක් රැස්කළේය. දුනිත් වෙල්ලාලගේ පන්දු 11 කදී ලබාගත්තේ ලකුණු 7 ක් පමණි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 181 ක් රැස්කළේය. එහිදී මයිකල් ලෙවිට් (55) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුෂංක ලකුණු 39 කට කඩුලු 2 ක් දවාගත් අතර දුනිත් වෙල්ලාලගේ, ඇන්ජලෝ මැතිව්ස් සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් බිඳහෙළුෑහ. දැඩි ප්‍රහාරයකට ලක්වූ තුෂාරගේ ඕවර 4 තුළදී ලකුණු 48 ක් රැස්කිරීමට නෙදර්ලන්ත පිතිකරුවෝ සමත් වූහ.
නෙදර්ලන්තය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 181
(මයිකල් ලෙවිට් 55, ස්කොට් එඞ්වඞ්ස් 27, ඩිල්ෂාන් මදුෂංක 39/2)
ශ්‍රී ලංකාව - ඕවර 18.5 කදී සියලු දෙනා දැවී 161
(වනිඳු හසරංග 43, දසුන් ශානක 35, ධනංජය ද සිල්වා 31, ආර්යන් දත් 20/2, කයිල් ක්ලීන් 13/2)
-036
වීර Wednesday, 29 May 2024 07:55 PM
කුසල් මෙන්ඩිසාව ඔච්චර අමාරුවෙන් යැව්වේ අපරාදේ...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.