Last Update  :  2025-04-17 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පොලාර්ඩ්ගෙන් වාර්තාවක්

පොලාර්ඩ්ගෙන් වාර්තාවක්

editorial - 2021 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ පන්ජාබ් කිංග්ස් පිලට එරෙහිව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ පැවති තරඟයේදී ලෝකේෂ් රාහුල්ගේ කඩුල්ල දවාගත් බටහිර ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කරන් පොලාර්ඩ් වාර්තාවක් තැබීමට සමත් විය.

මේ වනවිට 34 හැවිරිදි වියේ පසුවන පොලාඩ් විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 10000 ක් සහ කඩුලු 300 ක් ලබා ගත් පළමු ක්‍රීඩකයා බවට පත්විය.

ලකුණු 10000 සම්පූර්ණ කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුව පොලාඞ් (11,202) බටහිර ඉන්දීය කෙදෙව් පිතිකරු ක්‍රිස් ගේල්ට (14,275) පමණක් දෙවැනි වන්නේය. ෂොයිබ් මලික් (10,808), විරාට් කෝලී (10,038) සහ ඬේවිඞ් වෝනර් (10,019) ලකුණු 10000 පසුකළ සෙසු පිතිකරුවෝ වෙති.

විස්සයි20 කඩුලු 300 ක් දවාගත් 11 වැනි පන්දු යවන්නා බවට පොලාඞ් පත්විය. මින් පෙර ඞ්වයින් බ්‍රාවෝ (546), ඉම්රාන් තහීර් (420), සුනිල් නරේන් (418), ලසිත් මාලිංග (390), රෂීඞ් ඛාන් (387), සකීබ් අල් හසන් (385), සොහෙල් තන්වීර් (375), වහබ් රියාස් (355), ශහීඞ් අෆ්රිඩි (344), ඔන්ඩි්‍ර රසල් (340) කඩුලු 300 ක් දවාගත් පන්දු යවන්නෝ වූහ.

- 2079


අදහස් (0)

පොලාර්ඩ්ගෙන් වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.