Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංකුවේ තැබූ ශායි හෝප් කොදෙව් පිලට ජය ගෙනෙයි
විස්සයි-20 ලෝක කුසලාන

බංකුවේ තැබූ ශායි හෝප් කොදෙව් පිලට ජය ගෙනෙයි

දමින්ද විජේසූරිය - 2024 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)   

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඇමරිකා එක්සත් ජනපදය අතර බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පෙරේදා (21 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට කෙ‍ාදෙව්වෝ සමත් වූහ. මෙවර තරගාවලියේදී කොදෙව්වන් ලැබූ 5 වැනි ජය මෙන්ම සුපිරි 8 දෙනාගේ වට‍යේදී ඔවුන් ලැබූ පළමු ජයද මෙය විය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 129 ක පහසු ඉලක්කයක් හඹාගිය කොදෙව්වෝ ඕවර 10.5 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. ප්‍ර‍වේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ශායි හෝප් පන්දු 39 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 82 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ආරම්භයේ සිටම බංකුවේ රැඳවූ හෝප්, මෙවර තරගාවලියේදීය ක්‍රීඩා කළ දෙවැනි තරගය මෙය විය.

ජොන්සන් චාල්ස් (15) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හෝප්, ඉන් නොනැවතී නිකලස් පූරන් (නොදැවී 27) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 63 ක නොබිඳුණු සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇමරිකාවට ඕවර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි. රොස්ටන් චේස් ලකුණු 19 කට කඩුලු 3 ක්ද, ඔන්ඩ්‍රි රසල් ලකුණු 31 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් ඇමරිකානු ඉනිම සුනුවිසුණු කර දැමූහ. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් අල්සාරි ජෝෂප් ලකුණු 31 කට කඩුලු 2 ක් දවාගත්තේය.

ඇමරිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රියස් ගූස් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක් රැස්කළ අතර නිතිෂ් කුමාර් පන්දු 19 කින් ලකුණු 20 ක් රැස්‍කළේ හතරේ පහර 2 ක් සමගිනි. ඇමරිකානු පිතිකරුවන් 5 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.  

ඇමරිකාව - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 128  
(ඇන්ඩ්‍රියස් ගූස් 29, නිතිෂ් කුමාර් 20, මිලින්ද් කුමාර් 19, ශැඩ්ලි වැන් ස්චැල්ක්වැක් 18, ‍අලී ඛාන් නොදැවී 14, රොස්ටන් චේස් 19/3, ඔන්ඩ්‍රි රසල් 31/3, අල්සාරි ජෝෂප් 31/2)

බ.ඉ. කොදෙව් පිල - ඕවර 10.5 කදී කඩුල්ලක් දැවී 130    
(ශායි හෝප් නොදැවී 82, ජොන්සන් චාල්ස් 15, නිකලස් පූරන් නොදැවී 27)


අදහස් (0)

බංකුවේ තැබූ ශායි හෝප් කොදෙව් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.