Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්

බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්

editorial - 2024 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩි නුවරදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. එදා මෙදා තුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායමක් පාකිස්තානය පරාජය කළ පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 30 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ කිසිවකු නොදැවී ඉලක්කය සපුරාගත්හ. පළමු ඉනිමේදී හයේ පහරක් සහ හතරේ පහර 22 ක් සමග ලකුණු 191 ක් රැස්කළ මුෂ්ෆිකුර් රහීම් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. 
 
ලකුණු 117 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 146 ක් පමණි. පළමු ඉනිමේදී නොදැවී ලකුණු 171 ක් ලබාගත් මොහොමඞ් රිස්වාන්, දෙවැනි ඉනිමේදී ලකුණු 51ක් රැස්කිරීමට සමත් විය. 

මෙහෙදි හසන් ලකුණු 21 කට කඩුලු 4 ක්ද, සකීබ් අල් හසන් ලකුණු 44 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් පාකිස්තාන දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් ෂොරිෆුල් ඉස්ලාම්, හසන් මහමුද් සහ නහිඞ් රානා කඩුල්ල බැගින් දවාගත්හ. 

පාකිස්තානය පළමු ඉනිමේදී කඩුලු 6 ක් දැවී ලබාගත් ලකුණු 448 ට පිළිතුරු වශයෙන් බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 565 ක් ලබාගත්තේය. රහීම්ගේ ශතකයට අමතරව ශද්මන් ඉස්ලාම් (93), මොමිනුල් හක් (50), ලිටන් දාස් (56) සහ මෙහෙදි හසන් (77) අර්ධ ශතක ලබමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 


පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 448 
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 565 
පාකිස්තාන දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 146 

(අබ්දුල්ල ශෆීක් 37, බාබර් අසාම් 22, මොහොමඞ් රිස්වාන් 51, මෙහෙදි හසන් 21/4, සකීබ් අල් හසන් 44/3) 

බංග්ලාදේශ පළමු ඉනිම - කිසිවකු නොදැවී 30 
(සකීර් හසන් නොදැවී 15) 

-036 


අදහස් (0)

බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.