Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
විස්සයි-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ මූලික වටය යටතේ නෙදර්ලන්තය සහ බංග්ලාදේශය අතර ශාන්ත විස්න්ටන්හි කිංග්ස්ටවුන් ක්රීඩාංගණයේදී ඊයේ (13 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය ලැබූ දෙවැනි ජය මෙය විය.
ජයග්රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි. නෙදර්ලන්ත ඉනිම වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සයිබ්රෑන්ඩ් එංගල්බ්රෙච්ට් පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 33 ක් රැස්කළේය. වික්රම්ජීත් සිං පන්දු 16 කින් ලකුණු 26 ක් රැස්කළේ හයේ පහර 3 ක් සමගිනි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ රිෂාඩ් හොසේන් ලකුණු 33 කට කඩුලු 3 ක් බිඳහෙළමින් නෙදර්ලන්ත ජයග්රාහී මාවත අවහිර කර දැමූ අතර ටස්කින් අහමඩ් ලකුණු 30 කට කඩුලු 2 ක් බිඳහෙළමින් බංග්ලාදේශය ජයග්රහණය කරා ගෙන යෑම සඳහා රිෂාඩ්ට අනගි සහායක් දුන්නේය. එහිදී මහමදුල්ලා රියාද්, මුස්තෆිසුර් රහමන් සහ ටැන්සිම් හසන් කඩුල්ල බැගින් දවාගත්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 159 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ සකීබ් අල් හසන් පන්දු 46 කින් නොදැවී ලකුණු 64 ක් රැස්කළේ හතරේ පහර 9 ක් සමගිනි. මහමදුල්ලා රියාද් (25) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සකීබ් සමත් විය.
බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 5 කට 159
(ටැන්සිඩ් හසන් 35, සකීබ් අල් හසන් නොදැවී 64, මහමදුල්ලා රියාද් 25, පෝල් වැන් මිකෙරෙන් 15/2, ආර්යන් දත් 15/2)
නෙදර්ලන්තය - ඕවර 20 කදී කඩුලු 8 කට 134
(මයිකල් ලෙවිට් 18, වික්රම්ජීත් සිං 26, සයිබ්රෑන්ඩ් එංගල්බ්රෙච්ට් 33, ස්කොට් එඩ්වඩ්ස් 25, ආර්යන් දත් 15, රිෂාඩ් හුසේන් 33/3, ටස්කින් අහමඩ් 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.