Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බුල්ස්-වොරියර්ස්-කොලැන්ඩර්ස්-අබුඩාබි අවසන් වටයට

බුල්ස්-වොරියර්ස්-කොලැන්ඩර්ස්-අබුඩාබි අවසන් වටයට

editorial - 2021 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අබුඩාබි දහයයි-10 තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතරට එක්වීමට දිල්ලි බුල්ස්, නොදර්න් වොරියර්ස්, කොලැන්ඩර්ස් සහ අබුඩාබි කණ්ඩායම් සමත්විය. දිල්ලි බුල්ස්, නොදර්න් වොරියර්ස්, කොලැන්ඩර්ස් ප්‍රසාද ලකුණු 10 බැගින් ලබාගත්තද දළ ලකුණු වේගය මත දිල්ලි බුල්ස් (3.388) පෙරමුණ ගැනීමට සමත්විය. නොදර්න් වොරියර්ස් (2.380) දෙවැනි ස්ථානයටත්, කොලැන්ඩර්ස් (1.536) තෙවැනි ස්ථානයටත් පත්වූ අතර ප්‍රසාද ලකුණු 6 ක් ලබාගත් අබුඩාබි පිල සිව්වැනි ස්ථානයට පත්විය.

දිල්ලි බුල්ස් සහ නොදර්න් වොරියර්ස් කණ්ඩායම් අතර අවසන් තරගයට සුදුසුකම් ලබාගන්නා පළමු කණ්ඩායම තේරීමේ තරගය අද (5 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ට ආරම්භ වෙයි. නොදර්න් වොරියර්ස් සහ කොලැන්ඩර්ස් කණ්ඩායම් අතර පරාජිතයන් ඉවත්කිරීමේ පළමු කඩයිම් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.45 ට ආරම්භ වීමට නියමිතව ඇත.

අවසන් තරගයට සුදුසුකම් ලබාගන්නා පළමු කණ්ඩායම තේරීමේ තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම සහ පරාජිතයන් ඉවත්කිරීමේ පළමු කඩයිම් තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගන්නා දෙවැනි කණ්ඩායම තෝරා ගැනීමේ දෙවැනි කඩයිම් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 10.00 ට ආරම්භ වීමට නියමිතව ඇත.


 

- 2079

 


අදහස් (0)

බුල්ස්-වොරියර්ස්-කොලැන්ඩර්ස්-අබුඩාබි අවසන් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.