Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බෙන් ස්ටෝක්ස් උණු වතුරේ අත දමාගනී
ටෙස්ට් ලෝක ශූරතාවලිය

බෙන් ස්ටෝක්ස් උණු වතුරේ අත දමාගනී

editorial - 2024 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවෙන් ලකුණු කපාහැරීම පිළිබඳව ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් තැබූ එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ප්‍රශ්නයකට මැදිවී සිටී. මේ වන විට බොහෝ දෙනාගේ සැකයට තුඩු දී ඇති කාරණාව වන්නේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කටයුතු ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හේතුවෙන් එංගලන්ත නායකයාට දඩ කෑමට සිදුවේද යන්නයි. 

නවසීලන්තය සහ එංගලන්තය අතර නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 8 කින් ජයගැනීමට එංගලන්තය සමත් විය. මෙම තරගයෙන් පසුව ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව වෙනස් වූවද, එම තරගයේදී දෙපිලේම පන්දු යවන්නන්ගේ මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවෙන් ප්‍රසාද ලකුණු කපාහැරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගත්තේය.
 
මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් නවසීලන්තයට මෙන්ම එංගලන්තයටත් ප්‍රසාද ලකුණු 03 ක් බැගින් අහිමි කරන ලද අතර ඔවුන්ගේ තරග මුදලින් 15% ක් බැගින් දඩ වශයෙන් ගෙවන ලෙසද නියම කරන ලදි. ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය පිළිබඳ එංගලන්ත කණ්ඩායම මේ වන විටත් බලාපොරොත්තු අතහැර ඇති බැවින් මෙම ලකුණු කපාහැරීම නිසා එංගලන්ත පිලට ඇතිවන බලපෑමක් නැත. එහෙත් නවසීලන්තයට එහි දැඩි බලපෑමක් තිබේ. 

ලකුණු කපා හැරීමට පෙර ප්‍රසාද ලකුණු 72 ක් හිමිකරගෙන සිටි නවසීලන්තයට දැන් ඇත්තේ ප්‍රසාද ලකුණු 69 කි. ලකුණු කපා හැරීමට පෙර ජයග්‍රාහී ප්‍රතිශතය 50.00% ක් ලෙසින් හිමිකරගෙන සිටි නවසීලන්ත කණ්ඩායමේ වත්මන් ජයග්‍රාහී ප්‍රතිශතය 47.92% කි. මෙම ලකුණු කපාදැමීමට පෙර ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු පුවරුවේදී නවසීලන්තය ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටි නමුත් ප්‍රසාද ලකුණු කපා දැමීමෙන් පසුව නවසීලන්තයේ ස්ථානය අංක 5 දක්වා තල්ලු වී තිබේ. 

කෙසේ වෙතත් මෙම ලකුණු කපාහැරීම සම්බන්ධයෙන් උරණව සිටින්නේ නවසීලන්ත කණ්ඩායම නොව, එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස්ය. 

“අයි.සී.සී.යට හොඳ විදිහ තමා..”

“අපි තරගය ඉවර කළේ පැය 10 ක විතර තරග කාලයක් ඉතිරි කරලා” යයි ස්ටෝක්ස් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තැබුවේ උරහිස් හකුළුවන ආකාරයේ ‘ඉමෝජි’ 3 ක් ද ඊට එකතු කරමිනි. 

ස්ටෝක්ස් කීමට උත්සාහ කරන්නේ වේලසනින් අවසන් වන ටෙස්ට් තරග සඳහා මන්දගාමී පන්දු යැවීම වෙනුවෙන් දඩ සහ දඬුවම් නියම කිරීම කෙතරම් උචිතද යන්න නැවත සිතා බැලිය යුතු කාරණාවක් බවයි. එසේ වුවත් 2023 ජූනි 16 වැනිදා සංශෝධනය කරන ලද අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රීඩකයන්, නිලධාරීන් සහ කර්ය මණ්ඩල නිලධාරීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතියේ 2.7 වගන්තිය අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කටයුතු ප්‍රසිද්ධියේ විවේචනය කළ නොහැකිය. 

එංගලන්තය සහ නවසීලන්තය අතර තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් බූන් මහතාය. ඔහු ඕස්ට්‍රේලියානු ටෙස්ට් පිලේ හිටපු ආරම්භක පිතිකරුවෙකි. 


 

- 213


අදහස් (0)

බෙන් ස්ටෝක්ස් උණු වතුරේ අත දමාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.