Last Update  :  2025-04-17 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මැන්චෙස්ටර් ටෙස්ට් තරගයට වසරක දිගුවක්

මැන්චෙස්ටර් ටෙස්ට් තරගයට වසරක දිගුවක්

editorial - 2021 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීළඟ එංගලන්ත ගිම්හානයේදී ඉන්දියාව සමගින් ටෙස්ට් තරගයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව කණ්ඩායම් දෙකම තහවුරු කර තිබේ. මෙම තරගය මේ මස මුලදී ඕල්ඞ් ට්‍රැෆර්ඞ්හිදී පැවැත්වීමට නියමිතව තිබී ඉන්දීය කණ්ඩායමේ කොරෝනා ආසාදිතයන් හමුවීමෙන් පසුව අතහැර දමන ලද ටෙස්ට් තරගය වෙනුවට පැවැත්වෙන්නකි.

මෙම තරගය වෙනම තරගාවලියක් යටතේ පැවැත්වෙනවාද නැතහොත් අගෝස්තු මාසයේදී ආරම්භ වූ තරගාවලියේ අවසන් තරගයද යන්න මේ වන විටත් තහවුරු කර නැත. එහෙත් මැන්චෙස්ටර් තරගය අත්හැර දැමීම හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයට සිදු වූ මූල්‍ය පාඩු වලින් වැඩි ප්‍රමාණයක් ලබන වසරේදී පැවැත්වීමට නියමිත මෙම තරගයෙන් පියවා ගත හැකිය.

මැන්චෙස්ටර් තරගය අතහැර දැමීමට හේතු සහ එහි වගකීම භාර ගත යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර තවදුරටත් මතභේද පවතී.

ටෙස්ට් තරගය වෙනුවට විස්සයි20 තරග දෙකක් ආදේශ කිරීමේ හැකියාව පිළිබඳව මීට පෙර සාකච්ඡා කර තිබුණි. නමුත් කාල සටහනෙහි ඇති ආකාරයට ටෙස්ට් තරග සඳහා පමණක් එකඟ වී ඇති බව ඔවුන්ට වැටහී ඇති අතර ඉන්දියාව දැනට 2-1 ක් ලෙස ඉදිරියෙන් සිටින බැවින් තරගාවලිය බොහෝ දුරට එමඟින් අවසන් වනු ඇතැයි විශ්වාස කෙරේ.


- 2079

 


අදහස් (0)

මැන්චෙස්ටර් ටෙස්ට් තරගයට වසරක දිගුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.