Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මිලාන්ට ටෙස්ට් හිස්වැස්ම

මිලාන්ට ටෙස්ට් හිස්වැස්ම

editorial - 2024 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (21 වැනිදා) මැන්චෙස්ටර් නුවරදී ආරම්භ වූ පළමු වැනි ටෙස්ට් තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක ටෙස්ට් හිස්වැස්ම දිනාගත්තේය. මිලාන් රත්නායක ශ්‍රී ලංකාවේ 166 වැනි ටෙස්ට් ක්‍රීඩකයාය. 

එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ හිටපු සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායකයකු ද වන කුමාර් සංගක්කාර මහතා විසින් මිලාන් රත්නායකට ටෙස්ට් හිස්වැස්ම පිරිනමන ලදි. 

මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන, අඩි 6 ක් උස වේග පන්දු යවන්නකු වන මිලාන් රත්නායක වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි අයෙකි. සිය මංගල ටෙස්ට් තරගයට පෙර, පළමු පෙළ තරග 40 කට සහභාගි වී ඇති මිලාන් ඒවායේදී දවාගත් කඩලු සංඛ්‍යාව 81 කි. 


- 213


අදහස් (0)

මිලාන්ට ටෙස්ට් හිස්වැස්ම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.