Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි ප්‍රධානතම විස්සයි-20 තරගාවලිය වන ‘යූරෝ ටී20 ස්ලෑම්’ තරගාවලිය පිට පිට දෙවැනි වතාවටත් කල්දැමීමට සිදුවූ බව එහි සංවිධායකයෝ පවසති. කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම් තත්වය හේතුවෙන් මෙවර තරගාවලිය කල්දැමූ බව සංවිධායකයෝ ඊයේ (22 වැනිදා) නිවේදනය කළහ.
අයර්ලන්තය, නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල්හී හිමිකරුවන් සහිතව, යුරෝපයේ නගර 6 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 6 ක් මෙම තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටියහ. පළමු වරට 2019 වසරේදී තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුනද ආරම්භක දිනයට ආසන්නව තිබියදී තරගාවලිය කල්දැමීමට සංවිධායකයන් තීරණය කළේ මූල්‍ය ප්‍රශ්න හේතුවෙනි.
විස්සයි20 තරගා සඳහාම සුවිශේෂී ක්‍රීඩකයන් වන නවසීලන්තයේ මාර්ටින් ගප්ටිල්, එංගලන්තයට ලෝක කුසලානයක් දිනා දුන් නායක ඔයින් මෝගන් සහ පාකිස්තානයේ ෂහීඞ් අෆ්රිඞ් මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියහ.
තරගාවලිය මේ වසරේදී පැවැත්වීමට බලාපොරොත්තුවක් පසුගිය සති කිහිපයේදී තිබූ බව සංවිධායකවරු පැවසූහ. එහෙත් කොරොනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සීමා අනුව තරගාවලිය ජනප්‍රිය කර ගැනීමේ අසීරුතාවක් ඇති හෙයින් මෙවර තරගාවලිය පැවැත්වීමට නොහැකි බව සංවිධායකවරු නිවේදනයක් නිකුත් කළහ.
ඇම්ස්ටර්ඩෑම් නයිට්ස්, බෙල්ෆාස්ට් ටයිටන්ස්, ඩබ්ලින් චීෆ්ස්, එඩින්බරෝ රොක්ස්, ග්ලැස්ගෝව් ජයන්ට්ස් සහ රොටර්ඩෑම් රයිනෝස් මෙම තරගාවලියට සහභාගී වීමට සූදානමින් සිටි කණ්ඩායම් වේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.