Last Update  :  2025-02-03 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පටිදාර් බැංගලෝර් පිල අ.පූර්ව වටයට ගෙන යයි
අයි.පී.එල්.- 2022

පටිදාර් බැංගලෝර් පිල අ.පූර්ව වටයට ගෙන යයි

editorial - 2022 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රජට් පටිදාර්ගේ (නොදැවී 112) විශිෂ්ට පිතිහරඹය හමුවේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්විය. ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට එරෙහිව කොල්කටාහිදී අද (25 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරගයේදී ලකුණු 14 ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට හැකිවිය.

ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයේදී ගුජරාට් ටයිටන්ස් පිල හමුවේ පරාජයට පත්වූ රාජස්තාන් රෝයල්ස් පිල සමගින් දෙවැනි අවසන් පූර්ව තරගයේදී රෝයල්ස් බැංගලෝර් පිල හමුවනු ඇත.

එමෙන්ම පළමු වරට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්වූ ලෝකේෂ් රාහුල්ගේ නායකත්වයෙන් යුත් ලක්නව් සුපර්  ජයන්ට්ස් පිලට මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය සුපර්  ජයන්ට්ස් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 193 ක් පමණි.

නායක ලෝකේෂ් රාහුල් පන්දු 58 කදී හයේ පහර  5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 79 ක් සහ දීපක් හූඩා පන්දු 26 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 45 ක් ලබාගත්තද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

අවසන් මොහොතේ දුෂ්මන්ත චමීර පන්දු 4 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 11 ක් ලබාගත්තද සිය කණ්ඩායම ඉලක්කය කරා රැගෙන යාමට නොහැකි විය.

ජොෂ් හේසල්වුඩ් ලකුණු 43 කට කඩුලු 3 ක් ද, මොහොමඩ් සිරාජ්, වනිඳු හසරංග සහ හර්ෂල් පතෙල් කඩුල්ල බැගින් දවාගනිමින් බැංගලෝර් පිලේ ජයග්‍රහණයට දායක වූහ.

පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 207 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භයේ සිට වේගවත් පිතිහරඹයක නිරත වූ රජට් පටිදාර් මංගල විස්සයි20 ශතකය වාර්තා කරමින් බැංගලෝර් පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට දායක විය. පන්දු 54 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 112 ක් ලබාගැනීමට පටිදාර් සමත්විය.

ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රීඩකයකු අයි.පී.එල් තරගයකදී ශතකයක් ලබාගත් සිව්වැනි අවස්ථාව මෙය වන අතර ඉන් ශතක 3 ක් ලබාගෙන ඇත්තේ බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්වීම විශේෂ අවස්ථාවකි.

ඩිනේෂ් කාර්තික් පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 37 ක් ලබාගනිමින් බැංගලෝර් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක විය.

විරාට් කෝලී සමගින් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 46 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් පැවැත්වූ රජට් පටිදාර් ඉන් නොනැවතී 5 වැනි කඩුල්ල සඳහා පන්දු 41 කදී තවත් ලකුණු 92 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීය.

දුෂ්මන්ත චමීර ඇතුළු පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර චමීර යවන ලද ඕවර 4 තුළදී ලකුණු 54 ක් ලබාදුන් අතර කඩුල්ලක් දවාගැනීමට ඔහු අපොහොසත් විය.

රජට් පටිදාර් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.


රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 206
(විරාට් කෝලි 25, රජට් පටිදාර් නොදැවී 112, ඩිනේෂ් කාර්තික් නොදැවී 37)

ලක්නව් සුපර් ජයන්ට්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 193

(ලෝකේෂ් රාහුල් 79, දීපක් හූඩා 45, ජොෂ් හේසල්වුඩ් 43/3)

- 2079


අදහස් (0)

පටිදාර් බැංගලෝර් පිල අ.පූර්ව වටයට ගෙන යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.