Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International රසල් කොදෙව් සංචිතයට කැඳවයි

රසල් කොදෙව් සංචිතයට කැඳවයි

editorial - 2021 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරග දෙක සඳහා කොදෙව් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක ඔන්ඩ්‍රි රසල් කැඳවා තිබේ.

කොදෙව් පිලේ සිටි ප්‍රවීණතම ක්‍රීඩකයකු වන රසල්, දෙවරක්ම (2012 සහ 2016) විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් කොදෙව් පිලේ සාමාජිකයෙකි.

ඔන්ඩ්‍රි රසල්, මේ දක්වා කොදෙව් පිල වෙනුවෙන් වි-20 තරග 49 ක් ක්‍රීඩා කර ඇතත් තවමත් අර්ධ ශතකයක් ලබා නැත. ඔහු අවසන් වරට කොදෙව් පිල නියෝජනය කළේ වසර 2019 දී ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලෙකැළේදී පැවැති තරගයකදීය.

කිරන් පොලාර්ඩ්ගේ නායකත්වයෙන් යුත් කෙදෙව් විස්සයි-20 කණ්ඩායමට ක්‍රිස් ගේල් ද එක්ව සිටී.


කොදෙව් විස්සයි-20 සංචිතය
කිරන් පොලාර්ඩ් (නායක), නිකලස් පූරන්, ෆේබියන් ඇලන්, ඩ්වේන් බ්‍රාවෝ, ෆිඩෙල් එඩ්වඩ්ස්, ඔන්ඩි්‍ර රසල්, ක්‍රිස් ගේල්, ජේසන් හෝල්ඩර්, එවින් ලුවිස්, ඔබේ මැකෝයි, ඔන්ඩ්‍රි ෆ්ලෙචර්, ලෙන්ඩ්ල් සිමන්ස් සහ කෙවින් සින්ක්ලෙයාර්


- 213

 


අදහස් (0)

රසල් කොදෙව් සංචිතයට කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.