Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර (2022) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 57 ක් නිමා වන විට ලකුණු 18 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 12 කට සහභාගි වී ඇති ගුජරාට් කණ්ඩායම ඉන් තරග 9 ක් ජයගෙන ඇති අතර පරාජය වී ඇත්තේ තරග 3 ක් පමණි.
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (10 වැනිදා) පූනේහි මහාරාෂ්ඨ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 62 ක ජයක් වාර්තා කිරීමත් සමග ගුජරාට් කණ්ඩායමට යළිත් වරක් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අවස්ථාව උදාවිය. මෙවර තරගාවලියේ අවසන් වටයට පිවිසි පළමු කණ්ඩායම වන්නේද ගුජරාට් කණ්ඩායමය.
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් එක් ජයග්‍රහණයක් පසුපසින් සිටියි. මේ මස 15 වැනිදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිවද, 18 වැනිදා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිවද ලක්නව් කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය. අවසන් වටයට පිවිසීම සඳහා එම තරග දෙකෙන් එක් තරගයක් ජයගැනීම ලක්නව් කණ්ඩායමට ප්‍රමාණවත් වනු ඇත.
කුමාර් සංගක්කාර පුහුණුකාරීත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරග 11 කට සහභාගි වී ඉන් තරග 7 ක් ජයගෙන ලකුණු 14 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි. වනිඳු හසරංග ක්‍රීඩා කරන රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරග 12 කින් 7 ක් ජයගෙන ලකුණු 14 ක් ලබා ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවේ.
දිල්ලි කැපිටල්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම්වලටද තවමත් අවසන් වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා අවස්ථාව පවතී. මේ වන විට එම කණ්ඩායම් 3 ම ලකුණු 10 බැගින් ලබා සිටින අතර එම කණ්ඩායම් 3 ටම තවත් තරග 3 බැගින් ඉතිරිව තිබේ.
කොල්කටා නයිට් රයිඩර්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම්වලට අවසන් වටයට පිවිසීමට ඇති අවස්ථාව ඉතා අල්ප වන අතර 5 වරක් ශූරතාව දිනා සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසි වී තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.