Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන වසරේ (2022) සිට අයි.පී.එල්. තරගාවලියට එක්වන ලක්නව් කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් එංගලන්ත පිලේ හිටපු පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් මහතා පත්කරනු ලැබ ඇත. ඇන්ඩි ෆ්ලවර් මහතා සිම්බාබ්වේ පිලේ හිටපු නායකයකු ද වෙයි.
ෆ්ලවර් මහතා මීට පෙර පන්ජාබ් කිංග්ස් පිලේ සහාය පුහුණුකරුවා වශයෙන්ද කටයුතු කළේය. පන්ජාබ් කිංග්ස් පිලේ හිටපු නායක කේ. එල්. රාහුල්, ලක්නව් කණ්ඩායමේදී ඇන්ඩි ෆ්ලවර් මහතා සමගින් එක්වීමට නියමිතය.
සුප‍්‍රකට ව්‍යාපාරිකයකු වන ආචාර්ය සංජීව් ගෝන්කා ලක්නව් පිලේ හිමිකාරිත්වය දරයි.
”කි‍්‍රකට් කී‍්‍රඩකයකු වගේම පුහුණුකරුවකු වශයෙනුත්, ඇන්ඩි කි‍්‍රකට් ඉතිහාසයේ නොමැකෙන නමක් සටහන් කරලා තියෙනවා. ඔහුගේ වෘත්තීමය ප‍්‍රවේශයට අප ඉතාම කැමතියි. අපේ ඉදිරි දර්ශනයත් සමගින් ඔහු හොඳින් ගැලපේවි වගේම අපේ කණ්ඩායමට වටිනාකමක් එකතු කරාවි කියලා අප හිතනවා” යයි සංජීව් ගෝන්කා මහතා පැවසීය.
වසර 2010 දී එංගලන්ත කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලානය දිනාගන්නා විට එංගලන්ත පිලේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේ ඇන්ඩි ෆ්ලවර් මහතාය. ඒ අතරවාරයේදී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 ස්ථානයට ඔහු එංගලන්ත පිල කැඳවාගෙන ගියේය.
පන්ජාබ් කිංග්ස් පිලේ සහාය පුහුණුකරුවා වී සිටියදීම, පාකිස්තානයේ ‘මුල්තාන් සුල්තාන්’ කණ්ඩායමේත්, සී.පී.එල්. තරගාවලියට කී‍්‍රඩා කරන ශාන්ත ලූසියා කිංග්ස් කණ්ඩායමේත් ප‍්‍රධාන පුහුණුකරුවා වන්නේ ඇන්ඩි ෆ්ලවර් මහතාය.
ඇන්ඩි ෆ්ලවර් මහතා යනු ශී‍්‍ර ලංකා පිලේ පිතිහරඹ පුහුණුකරු ග‍්‍රාන්ට් ෆ්ලවර් මහතාගේ වැඩිමහල් සොහොයුරාය.
-213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.