Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසීම් මුහම්මද්ගේ (76) ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් අබුඩාබී දහයයි-10 තරගාවලියේ සඳුදා (1 වැනිදා) පැවැති සුපර් ලීග් වටයේ තරගයකදී අබුඩාබි පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට නොදර්න් වොරියර්ස් පිල සමත්විය.
වසීම් මුහම්මද් පන්දු 34 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 76 ක් රැස්කරමින් නොදර්න් වොරියර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය. නොදර්න් වොරියර්ස් පිල නියෝජනය කරන ධනංජය ලක්ෂාන් ඕවර 2 යවමින් ලකුණු 24 ක් ලබාදුන් අතර කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් විය.
ටීබ් අබුඩාබි - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී 123
(ලුක් රයිට් 33, ජෝ ක්ලාක් නොදැවී 50, බෙන් ඩකට් නොදැවී 31, ජුනයිඩ් සිද්දකිව් 23/1, වහබ් රියාස් 25/1, රයාඩ් එම්රිට් 30/1)
නොදර්න් වොරියර්ස් - ඕවර 10 කදී කඩුලු 2 ක් දැවී 124
(ලෙන්ඩ්ල් සිමන්ස් නොදැවී 37, වසීම් මුහම්මද් 76, ජෙමී ඕවරටන් 25/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.