Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ලීච් - බට්ලර් යළි කැඳවයි

ලීච් - බට්ලර් යළි කැඳවයි

editorial - 2021 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟ පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සම තත්වයෙන් අවසන් කරගැනීමට උත්සාහ කරන එංගලන්තය වමතින් දඟ පන්දු යවන ජැක් ලීච් සහ කඩුලු රකින ක්‍රීඩක ජෝස් බට්ලර් අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා නැවතත් කණ්ඩායමට කැඳවූහ. 

ලන්ඩන් නුවර ඕවල් පිටියේදී පැවැති සිව්වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 157 ක පරාජයක් ලැබීමෙන් පසුව සත්කාරකයන් 2-1ක් පසුපසින් සිටියද ලබන සිකුරාදා ඕල්ඞ් ට්‍රැෆර්ඞ් හිදී ආරම්භ වන පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගය සඳහා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඞ් මහතා සුළු වෙනස්කම් දෙකක් පමණක් සිදු කළේය.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් කිහිප දෙනකුම කොවිඞ්-19 වයිරසය අසාදනය වීම නිසා මෙම තරගය පැවැත්වේද නැද්ද යන්න පිළිබඳව දැනට ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි. 

දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලි සමඟ එංගලන්ත කණ්ඩායමට විකල්පයක් ලෙස දෙවන දඟ පන්දු යවන්නා ලෙස ලීච් කැඳවා තිබේ. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංචාරයන්හිදී තරග 6 කදී ටෙස්ට් කඩුලු 28 ක් ලබා ගත්තද මාර්තු මාසයෙන් පසු ජැක් ලීච් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නැත.

තම දෙවන දරුවාගේ උපත හේතුවෙන් බට්ලර් සිව්වන ටෙස්ට් තරගයෙන් ඉවත්වූ නමුත් අවසන් ටෙස්ට් තරගයේදී නැවතත් උප නායකයා ලෙස සිය ස්ථානය නැවත ලබා ගන්නේ නම් ජොනි බෙයාර්ස්ටෝ හෝ ඔලී පොප් යන දෙදෙනාගෙන් එක් අයකුට පමණක් කණ්ඩායමේ ඉඩ තිබේ.

”මම හිතන්නේ ඔවුන් (ඇන්ඩර්සන් සහ රොබින්සන්) සුවිශේෂී අයයි. ඔවුන් ක්‍රීඩාව සඳහා දායක වී ඇති ආකාරය, ඔවුන්ගේ කටයුතු කරගෙන ගිය ආකාරය සහ කණ්ඩායම වෙනුවෙන් ඔවුන් ගෙන ඇති උත්සාහය ගැන මම ආඩම්බර වෙනවා,” සිල්වර්වුඞ් මහතා පැවසීය.

මෙම තරගාවලියට පෙර රූට්ගේ කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පැවැති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පරාජය වූ අතර 1986 න් පසු තම මව්බිමේදී එංගලන්ත කණ්ඩායමක් පිට පිට තරගාවලි දෙකකදී පරාජය වූ පළමු එංගලන්ත කණ්ඩායම වීම වැළැක්වීම සඳහා ඔවුන් තියුණු සටනක් දිය යුතුව ඇත.

එංගලන්ත සංචිතය:
ජෝ රූට් (නායකයා), මොයින් අලි, ජේම්ස් ඇන්ඩර්සන්, ජොනී බෙයාර්ස්ටෝව්, රෝරි බර්න්ස්, ජෝස් බට්ලර්, සෑම් කරන්, හසීබ් හමීඞ්, ඩෑන් ලෝරන්ස්, ජැක් ලීච්, ඬේවිඞ් මාලන්, ක්‍රෙග් ඕවර්ටන්, ඔලී පොප්, ඔලී රොබින්සන්, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඞ්

- 2079


අදහස් (0)

ලීච් - බට්ලර් යළි කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.