Last Update  :  2025-04-17 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ලෝක කුසලාන තරගාවලියට අතිරේක 5 ක්

ලෝක කුසලාන තරගාවලියට අතිරේක 5 ක්

editorial - 2021 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අතිරේක ක්‍රීඩකයන් 5 දෙනෙක් ඇතුළත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව පැතුම් නිස්සංක, මිනෝද් භානුක, අෂේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස්ද ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා එක්සත් ආරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යනු ඇත.

ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුෂංකට ආබාධයක් හේතුවෙන් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමී වී ඇත.

ඒ අනුව ප්‍රධාන සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් සංඛ්‍යාව 14 ක් දක්වා අඩුවන අතර අතිරේක ක්‍රීඩකයන් 9 දෙනාගෙන් අයකුට ළහිරුගේ හිදැස පිරවීම සඳහා සංචිතයට ඇතුළත් වීමට අවස්ථාව උදාවනු ඇත.

වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු මෙන්ම දඟ පන්දු යවන්නන් වන අකිල ධනංජය සහ පුලින තරංගද මින් පෙර ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කරනු ලැබ සිටියහ.

ලෝක කුසලාන තරගාවලියට පෙර ඕමානයට එරෙහිව විස්සයි20 තරග 2 කට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා (3 වැනිදා) ඕමානය බලා පිටත්ව යෑමට නියමිතය.

-036

 


අදහස් (1)

ලෝක කුසලාන තරගාවලියට අතිරේක 5 ක්
  • sam Saturday, 02 October 2021 02:39 AM

    පණ මදි... කන්න දෙන්න ඕනෑ අපේ කට්ටියට...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.