Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ලෝක ශූරයන්ට කෝටි 32 ක්

ලෝක ශූරයන්ට කෝටි 32 ක්

editorial - 2021 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය ජය ගන්නා කණ්ඩායමට ත්‍යාග වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 16 ක මුදලක් පිරිනැමේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 32 කි. අනුශුරයන්ට ඩොලර් ලක්‍ෂ 8 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 16 ක් පමණ හිමිවනු ඇත.

යම් හෙයකින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ නම් දෙපිලටම ඩොලර් ලක්‍ෂ 12 ක් බැගින් හිමිවේ. මෙම ත්‍යාග මුදල් වලට අමතරව ලෝක ටෙස්ට් ශූරයන්ට හිමි සෙංකෝලයද පිරිනැමෙනු ඇත.

වසර දෙකක් පුරා පැවැති ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර ලබන 18 වැනිදා සදම්ප්ටන්හිදී ආරම්භවීමට නියමිතව ඇත.
ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට නව ආරම්භයක් එක් කරමින් පැවැත්වෙන පළමු නිල ලෝක ශූරයන් තෝරා ගැනීමේ තරගාවලිය වසර දෙකකට ආසන්න කාලයක් පුරා කණ්ඩායම් නවයක සහභාගිත්වයෙන් පැවැත්වුණි.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්ව සිටින ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 450,000 ක් ද (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටී 9 ක්), සිව්වන ස්ථානයට පත්ව සිටින එංගලන්ත කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 350,000 ක් ද (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටී 7 ක්), පස්වන ස්ථානයට පත්වන සිටින පාකිස්තානු කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 200,000 ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටී 4 ක්) ත්‍යාග මුදලක් පිරිනමනු ඇත.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ හයවන ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා සිටින බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන කණ්ඩායම් 4 සඳහා ඇමරිකානු ඩොලර් 100,000 ය (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටී 2 ක්) බැගින් පිරිනමනු ඇත.

මීට පෙර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් ශේණිගත කිරීම්වල ඉහළින්ම සිටින කණ්ඩායායමට මින් පෙර ටෙස්ට් ශූරයන්ගේ සෙංකෝලය පිරිනැමිණ.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය මත පදනම්ව එංගලන්තයේ සුප්‍රකට තෝමස් ලයිට් සමාගම විසින් සෙංකෝලය නිර්මාණය කර ඇත.

- 2079

 


අදහස් (0)

ලෝක ශූරයන්ට කෝටි 32 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.