Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ලෝකේෂ් රාහුල්ට දඩ

ලෝකේෂ් රාහුල්ට දඩ

editorial - 2021 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඉන්දියාව අතර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේදී (4 වැනිදා) විනිසුරු තීරණයට අවනත නොවීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලොකේෂ් රාහුල්ට සිය තරග ගාස්තුවෙන් 15% ක දඩයක් ගෙවීමට සිදුව ඇත.

ඉන්දීය දෙවැනි ඉනිමේ 34 වැනි ඕව‍රයේදී මෙම සිදුවීම වූ අතර ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ජොනි බෙයාස්ටෝ අතට උඩ පන්දුවක් දෙමින් ලෝකේෂ් රාහුල් දැවී ගිය බවට එංගලන්ත ක්‍රීඩකයෝ ඉල්ලීමක් කළහ. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ප්‍රධාන විනිසුරුවරයා එය නොදැවීමක් ලෙස සංඥා කළේය.

ඉන් අනතුරුව විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය භාවිතා කරමින් එය තෙවැනි විනිසුරුවරයාට යොමු කිරීමට එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් පියවර ගත් අතර තෙවැනි විනිසුරුවරයා එය දැවී යෑමක් බවට සනාථ කළේය.

කෙසේ වුවත් එහිදී ඇති වු ශබ්දය පන්දුව පිත්තේ වැදීමෙන් නොව, පිත්ත පා ආවරණයේ වැදීමෙන් සිදුවූවක් බව විශ්වාස කළ ලෝකේෂ් රාහුල්, පිටියෙන් ඉවත්ව යනවා වෙනුවට හිස දෙපසට වනමින් තෙවැනි විනිසුරුගේ තීරණයට විරෝධය දැක්වීය.

ඒ අනුව රාහුල් “ජාත්‍යන්තර තරගයකදී විනිසුරු තීරණයට එකඟ නොවීම” සම්බන්ධව අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රීඩකයන් සහ ක්‍රීඩකයන්ගේ සහායකයන් සඳහා වන ආචාර්ය ධර්ම පද්ධතියේ 2.8 වැනි වගන්තිය කඩ කර ඇත. පසුගිය වසරක කාලය ඇතුළත ඔහු අතින් සිදුවූ පළමු වරද මෙය වූ අතර ඒ හේතුවෙන් ඔහුගේ විනය වාර්තාවට එක් සෘණ ලකුණක්ද එක්විය.

පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කළ ඇලෙක්ස් වෝෆ් සහ රිචඩ් ඉලිංවර්ත්, තෙවැනි විනිසුරු මයිකල් ගෆ් එක්ව ලෝකේෂ් රාහුල්ගේ අවනත නොවීම සම්බන්ධයෙන් තරග තීරකවරයාට  පැමිණිලි කළහ. තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් මහතා විසින් රාහුල්ට මෙම දඩ මුදල නියම කළ අතර ඔවුන් විසින් එල්ල කරන ලද චෝදනා රාහුල් පිළිගැනීම නිසා ඔහුට ‍එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවණ.

 

- 036

 


අදහස් (0)

ලෝකේෂ් රාහුල්ට දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.