Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International වනිඳුලා වැඩිපුර සල්ලිත් ගෙවාගෙන ගෙදර එති

වනිඳුලා වැඩිපුර සල්ලිත් ගෙවාගෙන ගෙදර එති

editorial - 2024 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

(කටුනායක ටී. කේ. ජී. කපිල)

ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායම අද (19 වැනිදා) උදෑසන 08.40 ට කටුනායක ගුවන් තොටුපොළින් පෙරළා සියරට පැමිණියේය.  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනදා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන අවස්ථාවලදී  සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද, අද ඒ වෙනුවට මුදල් ගෙවා පහසුකම් සළසා ගත යුතු " සිල්ක් රූට් " පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබුණි .

"සිල්ක් රූට්" පර්යන්තයේ පහසුකම් සදහා එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 50 ක මුදලක් අය කරන අතර එම මුදල් ගෙවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම පහසුකම ලබා ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරියා පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළත් , ඉන් පිටත ප්‍රදේශයේත් විශේෂ , දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි .

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ තමන් හරියට ක්‍රීඩා නොකළ නිසා මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවත් කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව  බොහෝ කණගාටු වන බවත් වනිදු හසරංග කටුනායක ගුවන් තොටුපොළේදී පැවසීය . විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයට පමණක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත හැකිවූයේ එකම තරගයක් පමණි. දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශයට එරෙහි තරග පරාජය වූ අතර නේපාලයට එරෙහිව පැවැති තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි. 

කටුනායකදී වැඩිදුරටත් අදහස් දැක්වූ වනිදු හසරංග මෙසේ ද පැවසීය .  

ක්‍රීඩකයින් විදිහට අපි දන්නවා අපි අතින් සිදු වූ වැරදි මොනවාද කියලා . අපි ක්‍රීඩකයෝ වශයෙන් හොදින් ක්‍රීඩා නොකළ නිසා, පිතිහරඹය, පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොදින් සිදු නොකළ නිසා මේ ආකාරයට පරාජය වැළද ගැනීමට සිදු වු බව ද හෙතෙම පැවසීය .


අදහස් (5)

වනිඳුලා වැඩිපුර සල්ලිත් ගෙවාගෙන ගෙදර එති
  • pakeer Wednesday, 19 June 2024 04:47 PM

    ලංකාවේ ක්‍රිකට් ඉවර වුණේ 1999. නුඹලා කලිසම් ඇඳගෙනද ආවේ..?

    Reply 0       0

    R . P SISSA Thursday, 20 June 2024 08:31 AM

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කළ යුතුයි. දැන් ඉන්න ක්‍රීඩකයෝ සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන් නෙවෙයි. තමන් වෙනුවෙන් බව මට හැඟෙයි. අන්න අර්ජුනගේ කාලේ ඒ අය සෙල්ලම් කළේ රට වෙනුවෙන්. දැන් අය සෙල්ලම් කරන්නේ සල්ලිවලට... කණගාටුයි...

    Reply 0       0

    Lasantha Thursday, 20 June 2024 01:20 PM

    දසුන්ගේ නායකත්වය තිබ්බා නම් ඕක දිනනවා. පැතුම්ට ගහගන්න බැහැ. ධනංජය බෝල පාස් කරනවා. චාමික, ධනුෂ්ක වගේ හොඳ ක්‍රීඩකයින් පැත්තක තියලා. දසුන් හිටියා නම් Captain විදියට ඕක අද දිනලනේ. කුසල් වගේ කුහකකම හිතේ තියන බත් බැලයින් හින්දා ටීම් එකත් එපා වෙලා. ක්‍රිකට් බෝඩ් එකක් කියලා එකක් තියනවා ඔවුන්ගේ සල්ලි බලේ පෙන්නාගෙන ඔවුන් ඉන්නේ. ක්‍රිකට් එපා කරවන්නේ ක්‍රිකට් බෝඩ් එක...

    Reply 0       0

    රජිත Thursday, 20 June 2024 03:12 PM

    අපිට වෙන්නේ හැමදාම කණගාටු වෙන්න දිනුමයි, පැරදුමයි දෙකම බාරගන්න වෙනවා කියන්නේ මේකට නොවෙයි..

    Reply 0       0

    Ss Thursday, 20 June 2024 05:15 PM

    මොවුන්ට අපිට වගේ අමාරුවක් නැහැ. මොවුන්ට දිනුවත් සල්ලි. පැරැදුණත් සල්ලි. මොවුන්ගේ රස්සාවයි, විනෝදයයි දෙකම එකයි. මොවුන් හොඳ ටුවර් එකක් ගිහිල්ලා මොවුන්ගේ පවුල්වල අයටත් විනෝදයක් දීලා ගන්න තිබේ නම් සැප ඔක්කොම අරගෙන එනවා. හොඳක් නම් වෙන්න එපා. කෝ දඬුවම්..? තව ටික කාලයකින් මැච් එකක් දිනුවාම ඔක්කොම හරි... දැකපු නරකම ටීම් එක...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.