Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තමන් දැන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට අදහසක් නොමැති බව වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ මාධ්‍යවේදීන් ඇමතූ නවසීලන්ත පිතිකරු රොස් ටේලර් පවසයි.
නවසීලන්ත කණ්ඩායමේ සිටින වඩාත්ම දක්ෂ සහ ජේෂ්ඨ පිතිකරුවකු වන රොස් ටේලර් ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් පසුව විශ්‍රාම ගැනීම පිළිබඳ කතාබහට ලක්වී ඇති අතර විවේචකයන් ඔහුගේ වයස පිළිබඳව අවධානය යොමු කරමින් පහර දී තිබේ.
මේ වනවිට 37 හැවිරිදි වියෙහි පසුවන ටේලර් 2019 නොවැම්බරයේ සිට ටෙස්ට් ශතකයක් ලබා ගැනීමට අපොහොසත්වී ඇති නමුත් ඉන්දියාවට එරෙහිව ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණය කිරීමේදී සහ එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමේදීද ඔහු ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය.
නවසීලන්තයේ හෝටල් නිරෝධායනයෙන් නිදහස් වූ පසු පවුලේ අය සහ මිතුරන් සමඟ නැවත එක්වීමට බලාපොරොත්තු වන බව පැවසූ ටේලර්, ටෙස්ට් තරග 108 ක් සහ සීමිත ඕවර ජාත්‍යන්තර තරග 300 කට අධික සංඛ්‍යාවක් සඳහා සිය දායකත්වය ලබාදී ඇති නමුත් තවමත් ක්‍රීඩාවෙන් සමුගැනීමට අදහසක් නැතැයි පැවසීය.
”මම තවමත් ක්‍රීඩාවට ඇලුම් කරනවා. තවත් දේ ඉගෙන ගෙන වඩා හොඳ දේ ලබාගැනීමට අවශ්‍යයි. එබැවින් එය හොඳ සලකුණක්” යැයි ඔහු අද (30 වැනිදා) වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ මාධ්‍යවේදීන් අමතා පැවසීය.
“මේ අවස්ථාවේදී මට අවශ්‍ය වන්නේ මට හැකිතාක් කාළයක් ක්‍රිකට් ක්‍රීඩා කිරීමටයි”
”අපි හිතුවේ ඔබ විශ්‍රාම ගිහින් බොහෝ කලක් වෙනවා කියලා යැයි බොහෝ ක්‍රීඩකයින්, පරණ ක්‍රීඩකයින්, මට කියනනවා. නමුත් ඔවුන් කලින් විශ්‍රාම ගිය බවක් දැනෙන බව ඔවුන්ගෙනුත් බොහෝ දෙනෙක් මට කියනවා.”
ලෝඩ්ස් හිදී එංගලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයේදී දස්කම් දැක්වීමට ටේලර් අපොහොසත් වූ නමුත් බර්මින්හැම්හිදී පැවති දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 80 ක් ලබාගනිමින් නැවතත් ලකුණු අතරට පැමිණිමෙන් 1-0 ක තරගාවලි ජයක් ලබාගැනීමට නවසීලන්තයට හැකි විය.
”ඔබ මගේ වයසට පැමිණි විට, ඔබ ගැන, ඔබේ වයස ගැන එක එක්කෙනා මොනාද නොකියන්නේ. සෑම විටම එවැනි දේවල් අහන්න ලැබෙනවා” යැයි ටේලර් පැවසීය. ටෙස්ට් ලකුණු 7,564 ක් රැස් කරගෙන ඇති ටේලර් ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 45.84 ක් ලෙස රැඳවාගෙන ඇත.
”මගේ මුළු වෘත්තිය ජීවිතය පුරාම මට මුහුණ දීමට සිදු වූයේද එවැනි දේ වලටමයි. නමුත් ඔබ වයසට යත්ම එවැනි දේ සමගින් සටන් කිරීම පහසු දෙයක් වෙනවා.
”නමුත් එය වෙනස් වෙන්නේ නෑ. මම තවමත් ක්‍රිකට් ක්‍රීඩාවට කැමතියි. පිටියේදීත් ඉන් පිටතදීත් මෙම ක්‍රීඩාවට යමක් දීමට මට ඇති හැකියාව මට තවමත් දැනෙනවා”
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.