Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International විෂ්මි - හර්ෂිතා ශ්‍රී ලංකා කාන්තා පිල දිනවති
කාන්තා ආසියානු කුසලාන - 2024

විෂ්මි - හර්ෂිතා ශ්‍රී ලංකා කාන්තා පිල දිනවති

editorial - 2024 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ශ්‍රී ලංකා කාන්තා පිල සහ බංග්ලාදේශ කාන්තා පිල අතර රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 112 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 17.1 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. විෂ්මි ගුණරත්න පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 51 ක්ද, හර්ෂිතා සමරවික්‍රම පන්දු 31 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 33 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111 ක් පමණි. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නායිකා නිගාර් සුල්තානා පන්දු 59 කින් නොදැවී ලකුණු 48 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ උදේෂිකා ප්‍රබෝධනී නිලකුණු ඕවරයක්ද සමග සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත් අතර බංග්ලාදේශ කාන්තා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් ඉනෝෂි ප්‍රියදර්ෂනී ලකුණු 17 කට‍කඩුලු 2 ක් බිඳහෙළුවාය. නායිකා චමරි අතපත්තු, සුගන්දිකා කුමාරි සහ කවිෂා දිල්හාරි කඩුල්ල බැගින් දවාගත්හ.

බංග්ල‍ාදේශ කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 111   
(නිගාර් සුල්තානා නොදැවි 48,  ‍ශෝර්නා අක්තර් 25, ඉනෝෂි ප්‍රියදර්ෂනී 17/2, උදේෂිකා ප්‍රබෝධනී 20/2) 

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 17.1 කදී කඩුලු 3 ක් දැවී 114
(විෂ්මි ගුණරත්න 51, හර්ෂිතා සමරවික්‍රම 33, නහිඩා අක්තර් 12/3) 

 


අදහස් (0)

විෂ්මි - හර්ෂිතා ශ්‍රී ලංකා කාන්තා පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.