Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගය අද
යොවුන් ලෝක කුසලාන

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගය අද

editorial - 2022 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අර්ධ අවසන් පූර්ව වටයේදී ඇෆ්ඝනිස්ථාන යොවුන් කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙවර වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ 5 වැනි ස්ථායත්, 8 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් අද (ඉරිදා) තරග වදී.

ඒ සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (30 වැනිදා) දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත‍.  ඇන්ටිගුවාහි, ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා‍ යොවුන් කණ්ඩායම අද තරග‍යෙන් ජය ලැබුවහොත් ඔවුන්ට 5 වැනි හෝ 6 වැනි ස්ථාන වෙනුවෙන් තරග වැදීමේ අවස්ථාව හිමිවෙයි. අද තරගයෙන් පරාජය වුවහොත් ඔවුන්ට 7 වැනි සහ 8 වැනි ස්ථාන වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත.

 ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ තරග 4 කදී කඩුලු 16 ක් ‍බිඳහෙළමින් මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. ස්කොට්ලන්තයට සහ ‍ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 5 බැගින් දවාගත් වෙල්ලාල‍ගේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව කඩුලු 3 බැගින් බැගින් දවාගත්තේය.

 අවසන් පූර්ව වටයේදී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ පාකිස්තාන යොවුන් කණ්ඩායම සහ ඉන්දීය ‍යොවුන් කණ්ඩායම හමුවේ පරාජයට පත් වූ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර හෙට (31 වැනිදා) තවත් තරගයක් පැවැත්වේ.

 එම තරගයෙන් ජය ලබන කණ්ඩායම අද තරගයේ ජයග්‍රාහකයන්ට එරෙහිව තරගාවලියේ 5 වැනි සහ 6 වැනි ස්ථාන වෙනුවෙන්ද, ඉන් පරාජයට පත්වන කණ්ඩායම අද තරගයේ පරාජිතයන්ට එරෙහිව තරගාවලියේ 7 වැනි සහ 8 වැනි ස්ථාන වෙනුවෙන්ද තරග බිමට පිවිසෙනු ඇත.  

එංගලන්තය, ඇෆ්ඝනිස්ථානය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ඇෆ්ඝනිස්ථාන යොවුන් කණ්ඩායම පෙබරවාරි මස 1 වැනිදාද, ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට එරෙහිව ඉන්දීය යොවුන් කණ්ඩායම පෙබරවාරි මස 2 වැනිදාද තරග වදිනු ඇත.

 -036


අදහස් (0)

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.