Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බංග්ලාදේශය බලා යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බංග්ලාදේශය බලා යයි

editorial - 2022 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (8 වැනිදා) බංග්ලාදේශය බලා දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම තරගාවලිය 2021-23 ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගාවලියකි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මේ දක්වා තරග 4 කට සහභාගි වී ඉන් තරග 2 ක් ජයගෙන 2 ක් පරාජයට පත්වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, ලකුණු 24 ක් ලබා 50% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගනිමින් ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවේ.

බංග්ලාදේශය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමත්විත වූ අතර නායක දිමුත් කරුණාරත්න සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඊට ඇතුළත් නොවූහ. මේ වන විට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වී සිටින චාමික, ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවේ සිට බංග්ලාදේශයට පැමිණීමට නියමිතය.

එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න මේ වන විට පැවැත්වෙන එසෙක්ස් - යෝක්ෂයර් තරගය නිමාවීමෙන් අනතුරුව එංගලන්තයේ සිට බංග්ලාදේශය කරා පැමිණ කණ්ඩායමට සමග එක්වීමට නියමිතය. බංග්ලාදේශ තරගාවලියට නිමාවීමෙන් පසුව ඔහු යළිත් ශ්‍රී ලංකාවට නොපැමිණ එංගලන්තය බලා පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ සහ සහායක පුහුණුකරු නවීඩ් නවාස් මහතගේ පුහුණුකාරීත්වයන් යටතේ සහභාගිවන පළමු තරගාවලිය මෙය වේ.

තරගාවලියේ පළමු තරගය මෙම මස 15 වැනිදා සිට 19 වැනිදා දක්වා චැටෝග්‍රෑම්හිදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 23 වැනිදා සිට 29 වැනිදා දක්වා ඩකාහිදීද පැවැත්වේ.

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බංග්ලාදේශය බලා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.