Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. මෙම තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවද, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්ති වූ විස්සයි-20 තරගාවලියේ ජය 2-1 ක් ලෙස ඉන්දීයාව සතුවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 18 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායිකා චමරි අතපත්තු පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග නොදැවී ලකුණු 80 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.
ලකුණු 37 කට කඩුලු 2 ත් බිඳ වැටී තිබූ අවස්ථාවේදී නිලක්ෂි ද සිල්වා (30) සමග එක්ව ශ්‍රී ලංකා කාන්තා ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 77 ක වේගවත් සම්බන්ධතාවක්ද ගොඩනැගූ චමරි ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවාය. එහිදී පන්දු 28 කට මුහුණදුන් නිලක්ෂි හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසුවාය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 138 ක් ලබා ගත්තේය. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නායිකා හර්මන්ප්‍රීත් කෝර් පන්දු 33 කදී නොදැවී ලකුණු 39 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
ජෙමියා රොඩි්‍රගස් (33) සමග එත්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කෝර් සමත් වූ අතර පන්දු 30 කදී වාර්තා වූ රොඩි්‍රගස්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය. ආරම්භක පිතිකාරිණී ස්මි්‍රති මන්ධනා පන්දු 21 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක්ද, සභිනේනි මේඝනා පන්දු 26 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක්ද රැස්කළහ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් ඕෂධී රණසිංහ, අමා කාංචනා, සුගන්දිකා කුමාරි සහ ඉනෝකා රණවීර එක් කඩුල්ල බැගින් බිඳහෙළීමට සමත් වූහ. තෙවැනි තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුද, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෝර්ද සම්මාන ලැබූහ.
ඉන්දීය කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 138
(ස්මි්‍රති මන්දනා 22, සභිනේනි මේඝනා 22, හර්මන්පීත් කෝර් නොදැවී 39, ජෙමියා රොඩි්‍රගස් 33)
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 17 කදී කඩුලු 3 කට 141
(චමරි අතපත්තු නොදැවී 80, නිලක්ෂි ද සිල්වා 30)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.