Last Update  :  2024-11-09 19:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා පළමු ඉනිම 139 කට සීමා වෙයි

ශ්‍රී ලංකා පළමු ඉනිම 139 කට සීමා වෙයි

editorial - 2024 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර වුස්ටර්හිදී පැවැත්වෙන සිවුදින පුහුණු තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 139 කට සීමා කිරීමට එංගලන්ත ලයන්ස් පන්දු යවන්නෝ සමත් වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ සමාන් අක්තර් ලකුණු 32 කට කඩුලු 5 ක්ද, ජොෂ් හුල් ලකුණු 30 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් ශ්‍රී ලංකා පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ. එහිදී අජීත් සිං සහ කේසි ඇල්ඩි්‍රජ් කඩුල්ල බැගින් දවාගත්හ. 

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක් රැස්කළ අතර ප්‍රභාත් ජයසූරිය ලකුණු 20 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. 

කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 12 බැගින්ද, නිෂාන් මධුෂංක සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 11 බැගින්ද ලබා සිටියදී දැවී ගිය අතර නායක ධනංජය ද සිල්වාට ලබාගත හැකි වූයේ 2 ක් පමණි. සදීර සමරවික්‍රම ලකුණු 8 කට දැවී ගියේය. 


ශ්‍රී ලංකා පළමු ඉනිම - සියලු දෙනා දැවී 139  
(දිමුත් කරුණාරත්න 26, කුසල් මෙන්ඩිස් 12, දිනේෂ් චන්දිමාල් 12, ප්‍රභාත් ජයසූරිය 20, මිලාන් රත්නායක 17, සමාන් අක්තර් 32/5, ජොෂ් හුල් 30/3) 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා පළමු ඉනිම 139 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.