Last Update  :  2024-12-04 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා යොවුන් නායකත්වය මනුදිට
යොවුන් කාන්තා ආසියානු කුසලාන

ශ්‍රී ලංකා යොවුන් නායකත්වය මනුදිට

editorial - 2024 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

දෙසැම්බර් 15 වැනිදා සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා මැලේසියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා 19 පිලේ නායකත්වය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි නානායක්කාර වෙත පැවරී තිබේ. මෙම කණ්ඩායමට රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රීඩිකාවෝ හත් දෙනෙක් එක්ව සිටිති.

ආසියානු ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මේ මස 15 වැනිදා සිට මැලේසියාවේ ක්වාලාලම්පූර්හි බයුමාස් ඕවල් පිටියේදී  පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාතික කාන්තා 20-20 පිලේ ළාබාලතම ක්‍රීඩිකාවන වන 16 හැවිරිදි ශෂිනි ගිම්හානි සමගින් හිරුණි හංසිකා, සුමුදු නිසංසලා, රශ්මි නේත්‍රාංජලී, සංජනා කාවින්දි, ෂෙහාරා ඉඳුවරි සහ නෙතඟි 
ඉසුරාංජලී (සංචාරක අතිරේක ක්‍රීඩිකාව) යන ක්‍රීඩිකාවන් 7 දෙනෙක් රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා පිලට එක්ව සිටිති. එමෙන්ම කොළඹින් දුර බැහැර මොණරාගල කුඹුක්කන, අම්පාර උහන,  ත්‍රිකුණාමලය, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රදේශ නියෝජනය කරමින්  ද ක්‍රීඩිකාවෝ මෙම ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් පිලට එක්ව සිටිති.

විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියට ආසියානු කලාපයේ කණ්ඩායම් 6ක් පළමු වටයේදී කාණ්ඩ 2ක් යටතේ තරග වැදීමට නියමිතය.

පළමු වටයේදී ඉන්දීය කාන්තා 19න් පහළ පිල, පකිස්තාන කාන්තා 19න් පිහළ පිල සහ නේපාල කාන්තා  19න් පහළ පිල  'ඒ' කාණ්ඩයෙන් තරග වදින අතර ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ පිල, බංගලාදේශ කාන්තා 19න් පහළ පිල සහ මැලේසියා කාන්තා 19න් පහළ පිල 'බී' කාණ්ඩය යටතේ තරග වදිති.

ප්‍රසාද ලකුණු සටහනට අනුව කාණ්ඩ 2 න් කණ්ඩායම් 2 ක් බැගින් කණ්ඩායම් 4ක් සුපිරි 4 වටයට සුදුසුකම් ලබති. සුපිරි 4 වටයේදී සෑම කණ්ඩායමක්ම පළමු වටයේ අනෙක් කාණ්ඩයේ කණ්ඩායම් 2 සමගින් තරග 2කට සහභාගී වනු ඇත. එහිදී දස්කම් දක්වන කණ්ඩායම් 2 අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. 

අවසන් මහා තරගය දෙසැම්බර් 22 වැනිදා පැවැත්වේ.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා සංචිතය: 
මනුදි නානායක්කාර (නායිකාව - මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය), රශ්මිකා සෙව්වන්දි (උප නායිකාව - මාතර අනුර විද්‍යාලය), විමෝක්ෂා බාලසූරිය (ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලය), හිරුණි හංසිකා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), සුමුදු නිසංසලා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), දහමි සනුත්මා (නුගේගොඩ අනුලා විද්‍යාලය),  රශ්මි නේත්‍රාංජලී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), ශෂිනි ගිම්හානි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), අශේනි තලගුණේ (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය), ප්‍රමුදි මෙත්සරා (අම්පාර උහන ජාතික පාසල), චමෝදි ප්‍රබෝධා (මොණරාගල කුඹුක්කන ශ්‍රී පඤඤානන්ද මහා විද්‍යාලය), සංජනා කාවින්දි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), දනුලි තෙන්නකෝන් (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය),ලිමන්සා තිලකරත්න, ෂෙහාරා ඉඳුවරි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)
අතිරේක ක්‍රීඩිකාව - නෙතඟි ඉසුරාංජලී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), 
 

රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රීඩිකාවෝ
ශෂිනි ගිම්හානි, සුමුදු නිසංසලා, සංජනා කාවින්දි, රශ්මි නේත්‍රාංජලී, හිරුණි හංසිකා, ෂෙහාරා ඉඳුවරි,  නෙතඟි ඉසුරාංජලී 

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් නායකත්වය මනුදිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.