Last Update  :  2025-04-17 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා ‘ඒ’ පිල රුමේෂ් රත්නායක යටතට

ශ්‍රී ලංකා ‘ඒ’ පිල රුමේෂ් රත්නායක යටතට

editorial - 2021 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක මහතා පත්කර ඇත. ලබන මස පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අරමුණු කරගනිමින් මෙම පත්වීම සිදුකර ඇති බවට ආරංචි මාර්ග පවසයි.

මින් පෙරද රත්නායක මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, වේගපන්දු පුහුණුකරු ඇතුළු තනතුරු ගණනාවක් හෙබවීය.

ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාට අමතරව පිතිහරඹ පුහුණුකරු ලෙස රුවින් පිරීස් මහතාත්, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස දර්ෂණ ගමගේ මහතාත්, දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙන සජීව වීරකෝන් මහතාත් පත්කර ඇති බව දැනගන්න ඇත.

පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම නිල නොවන ටෙස්ට් තරග (සිව්දින) 2 ක් සහ නිල නොවන එක්දින 3 ක් සඳහා ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇත. 

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල රුමේෂ් රත්නායක යටතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.