Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා ‘ඒ’ පිලට කඩුලු 6 ක ජයක්
නිල නොවන ටෙස්ට් තරගය

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට කඩුලු 6 ක ජයක්

editorial - 2024 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඉසිත විජේසුන්දරගේ මහන්සිය අපතේ නොයැවූ ඕෂධ ප්‍රනාන්දු (80) ඇතුළු ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ, කිම්බර්ලිහිදී පැවැති පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේදී කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්හ. ලකුණු 174 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, තරගයේ අවසන් දිනය වූ බදාදා (11 වැනිදා) දිවා ආහාරයට මඳ වේලාවකට පසුව කඩුලු 4 ක් දැවී තිබියදී ජයටැඹ පසුකර ගියේය. 

තරග දෙකකින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටී. මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නිල නොවන ටෙස්ට් තරගාවලියේදීත් පරාජය කළ නොහැකි ස්ථානයකට පිවිස තිබේ. 

තරගයේ තුන්වැනි දිනය වූ අඟහරුවාදා (10 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 34 ක් ලබා සිටියේය. ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඉතිරි ලකුණු 140 ලබාගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සම්පූර්ණ දිනයක් සහ කඩුල 9 ක් ඉතිරි වී තිබිණ. 

මුල් ඉනිමේදී ශතකයක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු දෙවැනි ඉනිමේදීත් අගනා පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 80 ක් ලබාගත්තේය. හෝරා තුනක් ඉක්මවූ පිතිහරඹයකදී, පන්දුව 12 වතාවක්ම හතරේ සීමාවෙන් එපිටට යැවූ ඕෂධ දැවී යන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජය ටැඹට ලකුණු 26 ක් මෑතින් සිටියේය. ඉනිම දෙකේදීම ලකුණු 202 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිහරඹයේ කොඳුනාරටිය වූ ඕෂධ, පහසුවෙන්ම තරගයේ වීරයා සම්මානයට හිමිකම් කීවේය. 

මෙම තරගයේ වාසිය ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙත නැඹුරු වූයේ ඉසිත විජේසුන්දර දෙවැනි ඉනිමේදී කළ පන්දු යැවීමෙනි. දෙවැනි ඉනිමේදී ඕවර 9 ක් යැවූ විජේසුන්දර, ලකුණු 34 කට කඩුලු 7 ක් දවාගැනීම හේතුවෙන්  දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම ලකුණු 124 කට දැවී ගියේය. 

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති නිල නොවන එක්දින තරගාවලියේදී 2-1 ක ජයක් අත්කරගත්තේය. 

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම අතර දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ලබන ඉරිදා (15 වැනිදා) ආරම්භ වෙයි. 

දකුණු අප්‍රිකානු ‘ඒ’ - පළමු ඉනිම 372 යි
(ෂේපෑන්ග් ඩිතෝල් 52, නීල් බ්‍රෑන්ඩ් 39, මැතිව් බී්‍රට්ස්කි 129, මාක් ඇකර්මන් 69, පැට්ටි්‍රක් කෲගර් 20, රිවැල්ඩෝ මූන්සාමි නොදැවී 34, චාමික ගුණසේකර 71/2, ඉසිත විජේසුන්දර 59/2, එෂාන් මාලිංග 65/4, නිශාන් පීරිස් 98/2)

ශ්‍රී ලංකා ‘ඒ’ - පළමු ඉනිම 323 යි
(ඕෂධ ප්‍රනාන්දු 122, ළහිරු උදාර 12, පසිඳු සූරියබණ්ඩාර 61, ජනිත් ලියනගේ 13, සොනාල් දිනූෂ 36, විශාද් රන්දික 35, ඉසිත විජේසුන්දර 13, බේයර්ස් ස්වෝන්පෝල් 52/4, ප්‍රෙනීලන් සුබ්‍රයන් 63/2)

දකුණු අප්‍රිකානු ‘ඒ’ - දෙවැනි ඉනිම 124 යි
(ෂේපෑන්ග් ඩිතෝල් 15, මාක් ඇකර්මන් 27, පැට්ටි්‍රක් කෲගර් 10, බේයර්ස් ස්වෝන්පෝල් නොදැවී 38, ඉසිත විජේසුන්දර 34/7, එෂාන් මාලිංග 28/2)

ශ්‍රී ලංකා ‘ඒ’ - දෙවැනි ඉනිම කඩුලු 4 ට 174 යි
(ළහිරු උදාර 26, ඕෂධ ප්‍රනාන්දු 80, පසිඳු සූරියබණ්ඩාර 22, ජනිත් ලියනගේ නොදැවී 23, සොනාල් දිනූෂ නොදැවී 14, කෝඩි යූසුෆ් 29/2)

ඡායාරූප - දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයේ අනුග්‍රහයෙනි


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.