Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
දඟ පන්දු යවන්නන්ගේ පරාදීසයකදී ලසිත් කෲස්පුල්ලේ (98) සහ රමේෂ් මෙන්ඩිස් (78 සහ 48) කළ පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවති පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 160 ක දැවැන්ත ජයක් ලබාගත්තේය.
මෙම තරගයේදී බිඳ වැටුණු කඩුලු 40 න් කඩුලු 26 ක්ම දඟ පන්දු යවන්නන් සතුවිය.
සිව්දින නිල නොවන ටෙස්ට් තරගයක් වූ නමුත් දඟ පන්දු යවන්නන්ට තිබූ වාසිදායක තත්ත්වය හමුවේ දින තුනක් ඇතුළත තරගය නිමාවූයේ දෙවැනි දිනයේ තේ පානයෙන් පසුව කාලයත් වර්ෂාවට ගොදුරු වීමෙන් පසුවය.
මුල් ඉනිමේදී කඩුලු 7 ක් දවාගත්, වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක සෙනුරන් මුතුසාමි (53/5) පිට පිටම දෙවැනි ඉනිමේදීත් කඩුලු 5 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම ලකුණු 151 කට සීමා කළේය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ එක් අවස්ථාවකදී කඩුලු 7 ට 76 ක් ලෙසින් ලකුණු පුවරුව දිස්වූ නමුත් ලසිත් ඇඹුල්දෙණිය සහ මිලාන් රත්නායක සමගින් එක්වූ රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ දෙවැනි ඉනිම ලකුණු 150 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.
දකුණු අප්‍රිකානුවන්ගේ ඉලක්කය ලකුණු 346 ක් වූයේ එබැවිනි.
විනාඩි 91 තිස්සේ පන්දු 63 කට මුහුණ දෙමින් ලකුණු 46 ක් ලබාගත් රමේෂ් මෙන්ඩිස් පළමු ඉනිමේදීත් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූයේය. පෙරේදා ඔහු පැය දෙකකට මඳක් වැඩි කාලයක් (විනාඩි 128 ක්) පිටියේ රැඳෙමින් පන්දු 89 කින් ලකුණු 78 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 300 කඩයිම පැනගියේත් රමේෂ් මෙන්ඩිස්ගේ පිතිහරඹයට ස්තුති වන්නටය.
දකුණු අප්‍රිකානුවන් ජය සොයා යද්දී, වරෙක 91/3 ක් ලෙසින් ලකුණු පුවරුව දිස්වූ නමුත් අවසන් කඩුලු හතම ලකුණු 94 ක් ඇතුළත දවාගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ දඟ පන්දු යවන්නෝ සමත් වූහ. තණතීරුව පිතිකරුවන්ට කෙතරම් අසීරු වූයේද යත් සංචාරක කණ්ඩායමේ කිසිවකුට, දෙවැනි ඉනිමේදී ලකුණු 30 සීමාවට පැමිණිය නොහැකි විය.
සුපුරුදු පරිදි ඩිල්ෂාන් මධුශංක සිය දෙවැනි ඕවරයේදීම ආරම්භක පිතිකරුවාට වග කී හෙයින් එතැනින් ප්‍රතිවාදීන්ගේ ගෙල සිරකරගත් දඟ පන්දු යවන්නෝ දින තුනක් ඇතුළතදී තරගය ජයග්‍රහණය කරමින් තම කණ්ඩායමට වැඩිපුර නිවාඩු දිනයක් ඉතිරි කර දුන්හ.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම 325 යි
දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම 131 යි
(මැතිව් බී්‍රට්ස්කි නොදැවී 59, කීගන් පීටර්සන් 19, ඩිවෝල්ඩ් බ්‍රෙවිස් 16, ඩිල්ෂාන් මධුශංක 31/3, ලසිත් ඇඹුල්දෙණිය 61/2,ලක්ෂිත මානසිංහ 19/5)
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - දෙවැනි ඉනිම 151 යි
(කමිඳු මෙන්ඩිස් 35, රමේෂ් මෙන්ඩිස් 46, ලසිත් ඇඹුල්දෙණිය 10, ලිසාඩ් විලියම්ස් 16/2, ජෙරල්ඩ් කොඑට්සි 31/2, සෙනුරන් මුතුසාමි 53/5)
දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම - දෙවැනි ඉනිම 185 යි
(ටෝනි ඩි’සෝසි 11, ජෝර්ඩ්න් හර්මන් 16, මැතිව් බී්‍රට්ස්කි 14, කීගන් පීටර්සන් 29, සෙනුරන් මුතුසාමි 29, සිනෙතම්බා ක්වේෂිල් 23, ඩිවෝල්ඩ් බ්‍රෙවිස් 20, ජෙරල්ඩ් කොඑට්සි 12, ලිසාඩ් විලියම්ස් නොදැවී 19, ලක්ෂිත මනසිංහ 36/2, ලසිත් ඇඹුල්දෙණිය 36/2, රමේෂ් මෙන්ඩිස් 50/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.