Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව යළිත් ඇෆ්ඝනිස්ථානය හමුවේ පරදී
ආසියානු ක්‍රීඩා

ශ්‍රී ලංකාව යළිත් ඇෆ්ඝනිස්ථානය හමුවේ පරදී

editorial - 2023 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර අද (04 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 08 ක තියුණු ජයක් අත්කරගත් ඇෆ්ඝනිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. 

ඉතාමත් හොඳ වේගයක් සහ ඉපිළීමක් තිබූ තණතීරුවෙන් නිසි ප්‍රයෝජන ගත් නුවන් තුෂාර ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගත් බැවින් ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම ලකුණු 116 කට සීමා විය. නූර් අලි සද්රාන් ලකුණු 51 ක් ලබාගත් නමුත් කණ්ඩායමේ දෙවැනි සහ තුන්වැනි වැඩිම ලකුණු ලෙසින් සටහන් වූයේ 23 සහ 20 කි. 

ලකුණු 117 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 19.1 කදී ලකුණු 108 කට දැවී ගියේය. සහන් ආරච්චිගේ (22) ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වූ අතර දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ලසිත් කෲස්පුල්ලේ ලබාගත් ලකුණු 16 යි. පළපුරුදු ක්‍රීඩකයන් වන ගුලාබ්දීන් නයීබ් (28/3) සහ ක්වයිස් අහමඩ් (16/3) ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දැමූහ. 

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ නම් අඩුතරමේ ලෝකඩ පදක්කම හෝ දිනාගැනීමේ අවස්ථාව තිබුණ නමුත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට මේ වතාවේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් පදක්කමක් දිනාගැනීමේ අවස්ථාව අහිමි වී තිබේ. 

වසර 2014 දී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනාගත්තේය. 

ඇෆ්ඝනිස්ථානය - ඕවර 18.3 කදී සියලු දෙනා දැවී 116 යි
(මොහොමඩ් ශෂාඩ් 20, නූර් අලි සද්රාන් 51, ශහිදුල්ලා 23, නුවන් තුෂාර 17/4, සහන් ආරච්චිගේ 26/2)

ශ්‍රී ලංකාව - ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 108 යි
(ලසිත් කෲස්පුල්ලේ 16, සහන් ආරච්චිගේ 22, අශේන් බණ්ඩාර 13, විජයකාන්ත් වියස්කාන්ත් නොදැවී 13, ගුලාබ්දීන් නයීබ් 28/3, ක්වයිස් අහමඩ් 16/3)

- 213


අදහස් (1)

ශ්‍රී ලංකාව යළිත් ඇෆ්ඝනිස්ථානය හමුවේ පරදී
  • වීෙර Thursday, 05 October 2023 07:45 AM

    අම්මලා ඉස්කෝලවලට ගිහිං ළමයින්ට ක්‍රිකට් ගහපිය කියලා සර්ලා ඒක්ක ඩීල් දැම්මාම ඔහොම තමයි..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.