Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව රැකෙම්වා මියෙම්වා තරගයක
වි-20 ලෝක කුසලාන 2024

ශ්‍රී ලංකාව රැකෙම්වා මියෙම්වා තරගයක

editorial - 2024 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද ඩලස් නුවර ග්‍රෑන්ඞ් ප්‍රේරී ක්‍රීඩාංගණයේ සිට..)

⁣මුහුණදුන් පළමු තරගයේදීම දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට, මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටය පිවිසීම සඳහා පළමු වටයේ සෙසු තරග 3 ම ජයගැනීමට සිදුව තිබේ. ඉන් පළමු කඩයිම ජයගැනීම සඳහා ඔවුන් අනිද්දා (8 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.00 ට ඩලස් නුවර ග්‍රෑන්ඞ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.

”මේ වගේ තරගාවලි වලට එනකොට අපි දන්නවා මේ වගේ තීර්ණාත්මක තරගවලට ක්‍රීඩා කරන්න වෙනවා කියලා. ඉතින් ඒ ඕනම අවස්ථාවකට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා ඉන්න ඕන. දකුණු අප්‍රිකානු තරගයෙන් පසුව අපි ක්‍රීඩකයන් සමග කතා කළා. මං හිතනවා මේ අභියෝගය ජය ගන්න ඔවුන් ශාරීරිකවත්, මානසිකවත් සූදානමින් ඉන්නවා කියලා.” යැයි තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා කියා සිටියේය.

නෙදර්ලන්තයට එරෙහිව පැවැති පළමු පෙරහුරු තරගයට පෙර පුහුණු දැල තුළ පිතිහරඹ පුහුවීම්වල නිරත වූ ශ්‍රී ලංකා පිතිකරුවන්, ඉන් අනතුරුව පිතිහරඹ පුහුණුවීම් සඳහා  පුහුණු දැලක් තුළට පිවිසියේ ඩලස් නුවරදී වීම කැපී පෙනෙන සිදුවීමක් විය. අද තරගයට පෙර දින දෙකේදීම පුහුණුවීම්වල නිරත වූ ශ්‍රී ක්‍රීඩකයෝ, පිතිහරඹය සඳහා වැඩි අවදාධානයක් යොමුකළ අයුරු දැකගත හැකි විය.

”පුහුණු තරග දෙක ක්‍රීඩා කළාට පස්සෙ දවස් 6, 7 කින් තමයි අපේ ක්‍රීඩකයො ඊයේ පුහුණු දැල තුළ පන්දුවට පහර දුන්නෙ. දකුණු අප්‍රිකානු තරගයෙදි පිතිහරඹ අංශය කඩා වැටුණ නිසා මේ තරගයට කලින් අපි නැවත එය යතා තත්ත්වයට ගන්න අපි හුඟක් මහන්සි වෙනවා. ඒකට ශාරීරිකව වගේම මානසිකවත් ක්‍රීඩකයන්ව සූදානම් කිරීමට තමයි අපි බලාපොරොත්තු ⁣වෙන්නෙ.” යැයිද කණ්ඩම්බි මහතා සඳහන් කළේය.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් ⁣දෙකක් බලාපොරොත්තු විය හැකි අතර එහිදී සදීර සමරවික්‍රම වෙනුවට ධනංජය ද සිල්වාත්, නුවන් තුෂාර වෙනුවට දුෂ්මන්ත චමීරත් කණ්ඩායමට එක්වීමට ඉඩ කඩ ඇතැයි කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වුවත් එම අදේශ කිරීම් දෙකම අවසන් මොහොත වනතුරුම සනාථ කර නොතිබිණ.

”කණ්ඩායමේ අවසන් සංයුතිය පිළිබඳව තවමත් අපි අවසන් තීරණයකට ඇවිල්ලා නෑ. අවසන් පුහුණු සැසියත් ඉවර වෙලා තමයි අපිට ඒ ගැන අවසන් තීරණයක් ගන්න වෙන්නෙ. ඒත් මම හිතන්නෙ ⁣නෑ අපි ලොකු වෙනස්කම්වලට යයි කියලා. සමහර විට ක්‍රීඩකයෙක්, දෙ⁣න්නෙක් වගේ වෙනස් වෙන්න ඉඩ තියෙනවා.” යැයි කණ්ඩායමේ සංයුතිය පිළිබඳව කළ විමසීමකදී කණ්ඩම්බි මහතා පැවසීය.

ශ්‍රි ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි-20 ජාත්‍යන්තර තරග 16 ක් පවත්වා ඇති අතර ඉන් තරග 11 ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. බංග්ලාදේශයට ජයගත හැකිව ඇත්තේ තරග 5 ක් පමණි. 2007 සහ 2021 වසරවල පැවති විස්සයි-20 ලෝක කුසලාන තරග දෙකකදී මෙම කණ්ඩායම් දෙක මුහුණට මුහුණ හමුවී ඇති අතර එම තරග දෙකේදීම බංග්ලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

⁣යම් හෙයකින් අද තරගයේදී බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වුවද, නිල වශයෙන් ඔවුන් තරගාවලියෙන් ඉවතට විසි නොවනු ඇත. එහෙත් නේපාලයට සහ නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන සෙසු තරග දෙක ජයගත්තද, ශ්‍රී ලංකාවට තරගාවලියේ දෙවැනි වටයට පිවිසීම සඳහා බංග්ලාදේශය සහ නෙදර්ලන්තය මූලික වටයේ තරග දෙක බැගින් පරාජයට පත්වන තෙක් පසෙකට වී බලා සිටීමට සිදුවනු ඇත.


අදහස් (1)

ශ්‍රී ලංකාව රැකෙම්වා මියෙම්වා තරගයක
  • Ranjith Friday, 07 June 2024 06:54 AM

    ඔය අවුල එන්නේ නැහැ... පළමු මැච් එකේ පන්දු යැව්වා නම්. අලුත්ම පිච් එකක් බව දැන දැනත් මීට පෙර ජාත්‍යන්තර තරගයක් ගහලත් නැති එකේ වාසනාවට ලද ටොස් එකෙන් වැඩක් ගත්තේ නැහැ. ඔයාලා RPS ආසියානු කුසලානයේදීත් ඔය වැඩේ කළා. මැච්වලදී දෙවැනි වර බැට් කරන එක හොඳයි. මුලින්ම බැට් කරනකොට පිච් එක තෙතයි. ස්විම් වෙන්න පුළුවන්. සවසට පිච් එක වේලිලා. බෝල 4 සීමාවට යනවා. අර්ජුන වගේ වෙන්න. මම 1985 ඉඳන් මැච් බලන්නේ. ඇනලිස් කරලා බලන්න දවල් මැච්වලින් මුලින් බැට් කරලා කප් කීයක් පරාදද බලන්න. ඔයාලා නම් කවදාවත් හැදෙන්නේ නෑ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.