Last Update  :  2024-12-04 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව ලකුණු 52 ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව ලකුණු 52 ක් ඉදිරියෙන්

editorial - 2024 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙදින තරගයේ දෙවැනි දිනය වූ අද (2 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 233 ක් ලබා සිටියේය. 

දෙවැනි දිනය නිමාවට පත්වන විට බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම එක් කඩුල්ලක් අතැතිව ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායමට වඩා ලකුණු 52 ක් පසුපසින් සිටියේය. දක්ෂ පිතිහරඹයක නිරත වූ අඩි්‍රටෝ ඝෝෂ් හතරේ පහර 15 ක් සමග ලකුණු 114 ක් ලබා ඒ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. 

නායක රිඩෝයි හොසේන් (37) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩකැගූ ඝෝෂ්, ඉන් නොනැවතී අබ්දුර් රහීම් (28) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රසිත් නිම්සර ලකුණු 36 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 285 ක් රැස්කිරීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. අගනා පිතිහරඹකය නිරත වූ ජේසන් ප්‍රනාන්දු හතරේ පහර 10 ක් සමග ලකුණු 98 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය. 

සෙනුජ වෙකුණගොඩ (37) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජේසන්, ඉන් නොනැවතී ජොෂුවා සෙබස්තියන් (53) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා වයස 17 න් පහළ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. ජෙෂුවාගේ ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත් විය. 


ශ්‍රී ලංකා 17 න් පහළ පිල - පලමු ඉනිම කඩුලු 8 කට 285 
(සෙනුජ වෙකුණගොඩ 37, ජේසන් ප්‍රනාන්දු 98, ජොෂුවා සෙබස්තියන් 53, ගිම්හාන රසාංජන 51, අසනුල් හක් 32/2, ඉෂ්මාම් චෞද්‍රි 60/2) 

බංග්ලාදේශ 17 න් පහළ පිල - පලමු ඉනිම කඩුලු 9 කට 233  
(රිඩෝයි හොසේන් 37, අඩි්‍රටෝ ඝෝෂ් නොදැවී 114, අබ්දුර් රහීම් 28, රසිත් නිම්සර 36/4, අභීත් පරණවිතාන 48/2) 


අදහස් (0)

ශ්‍රී ලංකාව ලකුණු 52 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.