Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ෂොරිෆුල්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

ෂොරිෆුල්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

editorial - 2022 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව චිතගොන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ පන්දුවට පහරදෙමින් සිටියදී මැණික් කටුවේ ආබාධයකට ලක්වූ බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ෂොරිෆුල් ඉස්ලාම්ට දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී ඇත.

ඒ අනුව බංග්ලාදේශ සංචිතයේ අබාධවලට ලක්වූවන් සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළ යන අතර ෂොරිෆුල්ට පෙර වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ්ට (උරහිසේ) සහ දඟ පන්දු යවන ක්‍රීඩක මෙහෙදි හසන්ටද (ඇඟල්ලේ) ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකා තරගාවලිය අහිමි විය.

“තරගයේ සිවුවැනි දිනයේ පන්දුවට පහර දෙමින් සිටියදී ෂොරිෆුල් මැණික් කටුවේ ආබාධයකට ලක්වුණා. ඒ නිසා අපි ඔහුව වැඩි දුර ප්‍රතිකාර සඳහා යොමු කළා. ඔහුගේ මැණික් කටුවේ අස්ථියක පිපිරුමක් වෙලා තියෙනවා කියලා එක්ස්-රේ පරික්ෂණයකින් තහවුරු වුණා.” යැයි බංග්ලාදේශ කණ්ඩායමේ භෞතචිකිත්සක බේජෙඩුල් ඉස්ලාම් මහතා පවසයි.

“එවැනි ආබාධයකින් පූර්ණ සුවය ලැබීම සඳහා අවම වශයෙන් සති තුනක පමණ කාලයක් ගත වෙනවා. ඒ නිසා ඔහුට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වේවි.” යැයිද ඉස්ලාම් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

කසුන් රාජිත යොමුකළ කෙටි පන්දුවක් අත් ආවරණයේ වැදීම හේතුවෙන් ෂොරිෆුල් මෙම ආබාධ තත්ත්වයට ගොදුරු වූ අතර ඉන් අනතුරුව තරමක් වේදනාවෙන් පන්දුවට පහරදුන් ෂොරිෆුල් මඳ වේලාවකට පසුව ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගියේය.

මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශය සහ බටහරි ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහාද ෂොරිෆුල්ගේ සහභාගීත්වය අවිනිෂ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ. ටෙස්ට් තරග 2 කින්, එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත තරග සංචාරයක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම ජූනි මස 6 වැනිදා කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට නියමිතය.


-036


අදහස් (0)

ෂොරිෆුල්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.