Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස අවුරුදු 37 කට ආසන්න වූවත්, තවමත් ටෙස්ට් දස්කම් අතර සිටින ස්ටුවර්ට් බ්‍රෝඩ් පිට පිටම යැවූ පන්දු දෙකකින් කඩුලු දෙකක් දවාගැනීම හේතුවෙන් බර්මින්හැම්හිදී පැවැත්වෙන පළමු ‘අළු බඳුන’ ටෙස්ට් තරගයේදී එංගලන්තය තරමක් ඉදිරියට පැනගෙන සිටී. තරගයේ දෙවැනි දිනය වන අද (17 වැනිදා) දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 78 ක් ලබා සිටියහ.
සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 393 ක් ලබාගත් එංගලන්තය ලකුණු 315 ක් ඉදිරියෙන් සිටී.
2019 අළු බඳුන තරගාවලියේ ඉනිම 10 කදී ඩේවිඩ් වෝනර් ලබාගත්තේ ලකුණු 95 ක් පමණි. එහිදී ස්ටුවර්ට් බ්‍රෝඩ් විසින් හත් වතාවකදීම වෝනර් දවාගන්නා ලදි. මෙවර තරගාවලියේදීත් පළමු තරගයේදීම එංගලන්ත වේග පන්දු යවන්නා වෝනර් දඩයම අරඹා තිබේ. ඩේවිඩ් වෝනර් දවාගත් බ්‍රෝඩ්, ඊළඟ පන්දුවේදී මානස් ලැබුෂේන් ලකුණු ලබාගැනීමට පොරතුවම ආපසු ක්‍රීඩාගාරයට යැවීමෙන් ඕස්ටේ්‍රලියානු පිල පසුපසට වැටිණ.
ස්ටීවන් ස්මිත් සහ උස්මන් කවාජා එක්ව ඕස්ට්‍රේලියානු පිල ඉදිරියට තල්ලු කරගෙන ගිය නමුත් පන්දුව අතට ගත් බෙන් ස්ටෝක්ස් ඕස්ට්‍රේලියානු මුක්කුව එජ්බැස්ටන් පිටියෙන් ඉවත් කළේය.
ජෝ රූට්ගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 393 ක ලබාගත් එංගලන්තය මේ වන විට තරගයේ ග්‍රහණය දැඩි කරමින් සිටී. සාම්ප්‍රදායික ටෙස්ට් පිතිහරඹයෙන් මිදී, පන්දු 152 කින් ලකුණු 118 ක් ලබාගත් ජෝ රූට්ගේ ඉනිම හයේ පහර 4 ක් සහ හතරෙ පහර 7 ක් ඇතුළත් විය. ස්කොට් බෝලන්ඩ් හමුවේ රිවර්ස් පැඩ්ල් පහරකින් ජෝ රූට් ගැසූ හයේ පහර බර්මින්හැම් නරඹන්නන්ගේ සිත් තුළ කලක් රැඳී පවතිනු ඇත.
එංගලන්තය - පළමු ඉනිම කඩුලු 8 ට 393 යි
(සැක් ක්‍රෝලි 61, බෙන් ඩකට් 12, ඔලී පෝප් 31, ජෝ රූට් 118, හැරී බෲක් 32, ජොනී බෙයාර්ස්ටෝ 78, මොයීන් අලී 18, ස්ටුවර්ට් බ්‍රෝඩ් 16, ඔලී රොබින්සන් නොදැවී 17, ජොෂ් හේසල්වුඩ් 61/2, නේදන් ලයන් 149/4)
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 3 ක් දැවී 78 යි
(උස්මන් කවාජා නොදැවී 40, ස්ටීවන් ස්මිත් 16, ස්ටුවර්ට් බ්‍රෝඩ් 17/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.