Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ස්ටෝක්ස් යළිත් පුහුණුවීම්වල
එංගලන්ත සංචාරය

ස්ටෝක්ස් යළිත් පුහුණුවීම්වල

editorial - 2024 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාදයේ කලව පසුපස මස්පිඬුව ඉරීයාමෙන් පැත්තකට වී සිටි එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් නැවතත් පුහුණුවීම් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ඕල්ඞ් ට්‍රැෆර්ඞ් පිටියේදී බෙන් ස්ටෝක්ස් අද (24 වැනිදා) පුහුණුවීම් කරමින් සිටියේය. 

එංගලන්තයේ පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඞ්’ තරගාවලියේ තරගයක පන්දුවට පහර දෙමින් සිටියදී ස්ටෝක්ස්ගේ කලව පසුපස මස්පිඬුව ඉරී ගියේය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදී එංගලන්ත නායකයා තරගාවලියෙන් ඉවත් විය. 

එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කළේ බෙන් ස්ටෝක්ස්ට ටෙස්ට් තරගාවලියෙන් පමණක් නොව ගිම්හානයේ ඉතිරි තරග වලින්ද ඉවත්වීමට සිදුවන බවයි. ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසුව ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියක් සහ එක්දින තරගාවලියක් ද එංගලන්ත පිලට ඉතිරි වී තිබේ. 

ආබාධයට ලක්වූ අවස්ථාවේදී ස්ටෝක්ස්ට ඇවිදගැනීමටවත් නොහැකි වූ අතර ඔහුව පිටියෙන් ඉවතට ගෙන යන ලද්දේ සෙසු ක්‍රීඩකයන් විසිනි. පසුව ස්ටෝක්ස් කිහිලිකරු ආධාරයෙන් ඇවිද යනු දක්නා ලදි. එසේ වුවත් එංගලන්ත නායකයා ටෙස්ට් කණ්ඩායම සමගින් නිරන්තරයෙන්ම ක්‍රීඩාගාරයේ සිටියේය.

එහෙත් හදිසියේම, පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී බෙන් ස්ටෝක්ස් නැවතත් පුහුණුවීම් ආරම්භ කළේය. ඔහු ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි අතර, කිසිම අපහසුතාවකින් තොරවම, සුපුරුදු ඩ්‍රයිව් පහර කරා යන ආකාරයත් පන්දුව හොඳින් දකිමින් සිටින බවත් පෙන්නුම් කළේය. 

ඔහුගේ පුහුණුවීම් රටාවෙන් පෙන්නුම් කළේ අපේක්‍ෂා කළාට වඩා ඉක්මනින් නැවතත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසෙන බවකි. 


- 213


අදහස් (0)

ස්ටෝක්ස් යළිත් පුහුණුවීම්වල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.