Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ස්ටෝක්ස්ට තුවාල
එංගලන්ත සංචාරය

ස්ටෝක්ස්ට තුවාල

editorial - 2024 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලිය අත පොවන දුරින් තිබියදී එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් තුවාල ලබා තිබේ. එංගලන්තයේ පැවැත්වෙන “ද හන්ඩ්‍රඞ්” තරගාවලියේදී ‘නොදර්න් සුපර්චාජර්ස්’ පිල වෙනුවෙන් ක්‍රීඩා කරන ස්ටෝක්ස් ඊයේ (ඉරිදා) පැවැති තරගයකදී කලව පසුපස මස්පිඬුවේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ක්‍රීඩාංගණයෙන් ඉවතට ගෙනයන ලද්දේ කණ්ඩායම් සගයින්ගේ ආධාරයෙනි.  

නොදර්න් සුපර්චාජර්ස් සහ මැන්චෙස්ටර් ඔරිජිනල්ස් යන කණ්ඩායම් අතර මෙම තරගය මැන්චෙස්ටර් නුවර ඕල්ඞ්ට්‍රැෆර්ඞ් පිටියේදී පැවැත්විණ. පන්දුවට පහර දෙමින් සිටියදී ඉක්මනින්ම තනි ලකුණක් ලබාගත් ස්ටෝක්ස්, සිය වම් පාදයේ කලව පසුපස මස්පිඬුව අල්ලා ගනිමින් බිම ඇද වැටුණේය. 

අගෝස්තු 21 වැනිදා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ආරම්භ වන්නේත් මෙම ක්‍රීඩාංගණයේදීමය. 

ස්ටෝක්ස්ගේ ආබාධය හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට ඇතුළත් විය යුතු තුන් ඉරියව් ක්‍රීඩකයා කවුරුන්ද යන්න සිතාබැලීමට එංගලන්ත තේරීම් කමිටු නිලධාරීන්ට සිදුවී තිබේ. 


- 213


අදහස් (0)

ස්ටෝක්ස්ට තුවාල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.