Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සිම්බාබ්වේ හඹාගොස් ජයගනී

සිම්බාබ්වේ හඹාගොස් ජයගනී

editorial - 2023 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන තේරීම් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ අතර ඊයේ (20 වැනිදා) හරාරේහිදී පැවැති තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 316 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ඕවර 40.5 ක් අවසානයේ තිබියදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. සිකන්දර් රාසා පන්දු 54 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 102 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.  


නෙදර්ලන්තය - ඕවර 50 කදී කඩුලු 6 කට 315
(වික්‍රම්ජීත් සිං 88, මැක්ස් ඔඩොව්ඩ් 59, ස්කොට් එඩ්වඩ්ස් 83, සකීබ් සුල්ෆිකර් නොදැවී 34, සිකන්දර් රාසා 55/4, රිචඩ් න්ගාරාවා 40/2)

සිම්බාබ්වේ - ඕවර 40.5 කදී කඩුලු 4 කට 319
(ජොයිලෝඩ් ගම්බි 40, ක්‍රෙග් අර්වින් 50, ෂොන් විලියම්ස් 91, සිකන්දර් රාසා නොදැවී 102, ශාරිස් අහමඩ් 62/2)

-036


අදහස් (0)

සිම්බාබ්වේ හඹාගොස් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.