Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කි‍්‍රකට් සම්මේලනය සංවිධානය කරන යොවුන් අසියානු කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අද (23 වැනිදා) පැවැති තරගයකදී එක්සත් අරාබි එමීර් වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව ලකුණු 154 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 283 ක ඉලක්යක් හඹාගිය එක්සත් අරාබි එමීර් යොවුන් කී‍්‍රඩකයන්ට ඕවර 34.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි. එමීර් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු කායි ස්මිත් පන්දු 70 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 45 ක් රැස්කළේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රාජ්වර්ධන් හංගර්ගේකාර් ලකුණු 24 කට කඩුලූ 3 ක් දවාගත් අතර විකී ඔස්ට්වාල්, කෞෂාල් තම්බේ සහ ගාර්ව් සංගවන් කඩුලූ 2 බැගින් දවාගනිමින් එක්සත් අරාබි එමීර් ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා රාජ්වර්ධන්ට අනගි සහායක් දුන්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායම ඕවර 50 ක් අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 282 ලබාගත්තේය. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු හර්නූර් සිං පන්දු 130 කදී හතරේ පහර 11 ක් සමග ලකුණු 120 ක් රැස්කළේය.
නායක යෂ් ධූල් පන්දු 68 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 63 ක්ද, රාජ්වර්ධන් හංගර්ගේකාර් පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 48 ක්ද රැුස්කරමින් ඉන්දිය යොවුන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
ඉන්දීය යොවුන් පිල - ඕවර 50 කදී කඩුලූ 5 ක් දැවී 282
(හර්නූර් සිං 120, ශයික් රෂීඞ් 35, යෂ් ධූල් 63, රාජ්වර්ධන් හංගර්ගේකාර් නොදැවී 48, අල්ෂාන් ශරාෆු 44/2)
එක්සත් අරාබි එමීර් යොවුන් පිල - ඕවර 34.3 කදී සියලූ දෙනා දැවී 128
(කායි ස්මිත් 45, ධෘව් පරාෂර් 19, සූර්යා සතිෂ් 21, රාජ්වර්ධන් හංගර්ගේකාර් 24/3, විකී ඔස්ට්වාල් 07/2, කෞෂාල් තම්බේ 16/2, ගාර්ව් සංගවන් 39/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.