Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සැකසුම - දමින්ද විජේසූරිය)
ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයන් අත පොවන මානයේ තිබුණත් අවසන් ඕවර දෙකේදී කඩුලු 4 ක් දවාගත් මැතිව් හෙන්රි (28/2) සහ සකාරි ෆෝක්ස් (41/2) එක්ව නවසීලන්තයේ මවුන්ට් මන්ගනුයි නුවරදී අද (28 වැනිදා) පැවැති පළමු විස්සයි-20 තරගයේදී ලකුණු 8 ක ජයක් කරා නවසීලන්ත කණ්ඩායම කැඳවාගෙන ගියහ. මෙම තරගය දිවා/රාත්‍රී තරගයක් වූ අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී 1-0 ක් ලෙසින් නවසීලන්තය පෙරමුණ ගත්තේය.
ලකුණු 173 ක ඉලක්කයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 18 වැනි ඕවරය අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 153 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා පන්දු 12 කින් ලකුණු 20 ක් අවශ්‍යව තිබූ අතර පැතුම් නිස්සංක (නොදැවී 90) සහ භානුක රාජපක්ෂ (නොදැවී 08) කඩුල්ලේ රැඳී සිටියහ.
මැතිව් හෙන්රිගේ අවසන් ඕවරයේ පන්දු තුනක් ඇතුළතදී පැතුම් නිස්සංක මෙන්ම භානුක රාජපක්ෂත් දැවී ගිය අතර අවසන් සකාරි ෆෝක්ස් යැවූ 20 ඕවරයේ පිට පිටම පන්දු දෙකකදී මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග පිටියෙන් ඉවත් වූහ. ඕවර 20 කදී කඩුලු 8 කට ලකුණු 164 ක් ලබා සිටියදී ශ්‍රී ලංකා ඉනිම නතර විය.
ශ්‍රී ලංකා ඉනිමේ මැද පෙළ විනාශ කරමින් පන්දු 4 ක් ඇතුළත කුසල් මෙන්ඩිස් (46), කුසල් පෙරේරා (0) සහ කමිඳු මෙන්ඩිස් (0) තිදෙනාවම දවාගත් ජේකබ් ඩෆී (21/3) තරගයේ වීරයා වශයෙන් සම්මාන ලැබීය.
13 වැනි ඕවරය නිමාවීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 121 ක් ලබා සිටියත් ඩෆීගේ ක්ෂණික ප්‍රහාරය හේතුවෙන් 14 වැනි ඕවරය අවසානයේදී කඩුලු 3 ට 121 ක් ලෙසින් ලකුණු පුවරුවේ සටහන් විය. ඩෆී මේ හපන්කම කළේ මිඩ් විකට් හි සිටි ක්‍රීඩකයා ඉදිරියට කැඳවමිනි.
මිඩ් විකට් හි සිටි පන්දු රකින්නා ඉදිරියට කැඳවීමත් සමගින් පුල් පහරකින් පන්දුව ඩීප් ෆයින් ලෙග් කලාපයට යැවීමට කුසල් මෙන්ඩිස් උත්සුක වූවත් මෙන්ඩිස් අපේක්ෂා කළාට වැඩියෙන් ඉපිළුනු පන්දුව ඔහුගේ අත් ආවරණයේ යාන්තමින් ගෑවී කඩුලු රකින මිචෙල් හේගේ දෑත් අතර සැඟව ගියේය.
“(පළමු කඩුල්ල සඳහා) ඒක ටිකක් දිගු සම්බන්ධතාවක්. අපි මිඩ් විකට් ක්‍රීඩකයාව ඉදිරියට ගෙනාවේ මොනවා හරි දෙයක් කරන්නයි. ඒක සාර්ථක වුණා....”
“ආසියාවේදී පැවැති තරග රැසකට පස්සේ අපි මෙහාට ආවාම අපි අපේක්ෂා කරන දේ (වේගය වගේම ඉපිළීම) ලැබීම සතුටක්... මේ පිට්ටනි ගැන අපි ටිකක් විතර දන්නවානේ..” යයි ඩෆී තරගයෙන් පසුව පැවසීය.
ශ්‍රී ලංකා නායක චරිත් අසලංක කීවේ තමන් ඇතුළු මැද පෙළ පිතිකරුවන් පිරිස තරගය පරාජය වීමේ වගකිම බාරගත යුතු බවයි.
“මා හිතන්නේ අපි පන්දු යැවීමේදී වගේම පන්දු රැකීමේදීත් මීට වඩා හොඳින් ක්‍රීඩා කළ යුතුව තිබුණා.. ඒත් අපි ඉක්මනින්ම නැවතත් දස්කම් අතරට එනවා” යයි චරිත් අසලංක පැවසීය.
තරගයේ වාසිය වරින් වර දෙපිලටම දෝලනය විය. එහෙත් අවසන් ඕවර දෙකේදී මැතිව් හෙන්රි සහ සකාරි ෆෝක්ස් වාසිය අත නොහැර අල්ලාගෙන සිටියහ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර එයින් සාර්ථක ප්‍රතිඵල නෙළාගත්තේය. නවසීලන්ත ඉනිමේ 10 වැනි ඕවරයේ නිමාව සටහන් වූයේ ලකුණු 65 කට කඩුලු 5 ක් ඇද වැටීමෙනි. මෙම අවස්ථාවේදී ඩැරිල් මිචෙල් (62) සහ මයිකල් බ්‍රේස්වෙල් (59) එක්ව ලකුණු 105 ක සම්බන්ධතාවක් පවත්වමින් 20 වැනි ඕවරයේදී 170 වැනි ලකුණත් නවසීලන්ත පිලට එකතුකර දුන්හ. මතීෂ පතිරණ දරුණු ප්‍රහාරයකට ලක්වූ අතර නිපන්දු 3 ක් සහ වයිඩ් පන්දුවක් ද යැවූ පතිරණගේ ඕවර 4 න් නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 60 ක් උදුරා ගත්හ.
ලකුණු 173 ක් යනු විස්සයි-20 තරගයකදී යා හැකි ඉලක්කයකි. පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා පිටියේ රැඳී සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 52 ක් ලබාගැනීමට පන්දු 40 ක් තිබිණ.
14 වැනි ඕවරයේදී ඩැරල් ටෆී තරගය උඩු යටිකුරු කළ අතර අවසන් ඕවර දෙකේදී හෙන්රි සහ ෆෝක්ස් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයේ අගාධයට තල්ලු කර දැමූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 8 ක් ලකුණු 38 ක් තුළ ඇද වැටිණ.
ශ්‍රී ලංකා කණ්ඩායමට සතුටු වීමට කාරණා තිබුණේ නම් ඒ පැතුම් නිස්සංකගේ පිතිහරඹයත් පැතුම් සහ මෙන්ඩිස් එක්ව ගොඩනැංවූ සම්බන්ධතාවත් පමණි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.