Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ​ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 7 ක ජයක්
නවසීලන්ත සංචාරය

​ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 7 ක ජයක්

editorial - 2025 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි ඕවල් පිටියේදී අද (14 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 7 ක ජයක අත්කරගත්හ. තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගත්තේය. 

ලකුණු 102 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු පන්දු නොදැවී ලකුණු 64 ක් ලබාගත්තාය. පන්දු 48 කට මුහුණ දුන් අතපත්තුගේ ඉනිම හතරේ පහර 9 කින් සහ හයේ පහර 2 කින් සමන්විත විය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 101 කට දැවී ගියේය. සිය මංගල තරගයට සහභාගි වූ මල්කි මදාරා ලකුණු 14 කට කඩුලු 3 ක් දවාලමින් තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව බවට පත්වූවාය. 


නවසීලන්ත කාන්තාවෝ - ඕවර 18.5 කදී සියලු දෙනා දැවී 101 යි
(සුසී බේට්ස් 21, එමා මැක්ලියොඩ් 44, ජෙසී කර් 10, ඉනෝෂි ප්‍රියදර්ශනී 25/2, මල්කි මදාරා 14/3, කවීෂා දිල්හාරි 18/2)

ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 14.1 කදී කඩුලු 3 ට 102 යි
(චමරි අතපත්තු නොදැවී 64, කවීෂා දිල්හාරි 12, නිලක්ෂි ද සිල්වා නොදැවී 12, ජෙසී කර් 18/2)

- 213


අදහස් (0)

​ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.