Last Update  :  2025-02-05 14:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික ක්‍රීඩා අරමුදල හිස්

ජාතික ක්‍රීඩා අරමුදල හිස්

editorial - 2025 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා අමාත්‍යාංශයේ වියදම් සදහා ප්‍රධාන වශයෙන් යොදා ගත් ගිණුමක් වන ජාතික ක්‍රීඩා අරමුදල තවදුරටත් ශුන්‍ය තත්වයක පවතින බව වාර්තාවේ. එහි ඉතිරිව තිබූ සියලු මුදල්ද වියදම් කර අවසන්ව තිබෙන අතර ඊට දායක මුදල් ලැබී නැති හෙයින් පසුගිය අගෝස්තු - සැප්තැම්බර් කාල සීමාවේදී පැවැති පැරිස් පැරලිම්පික් උළෙලේදී රිදී පදක්කමක් දිනා ගත් ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කුට සහ ඔහුගේ පුහුණුකරුගේ තෑගි මුදල් ගෙවීම ප්‍රමාදවී තිබේ.

ජාතික ක්‍රීඩා අරමුදල ජාත්‍යන්තර ක්‍රීඩා තරග වලදී ජයග්‍රාහණ හා පදක්කම් දිනා ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තෑගි මුදල් පිරිනැමීම සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගෙන තිබේ.

අවසන් වරට 2023 පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ හා ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් කෝටි හයකට වැඩි මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පසුගිය ජූලි මාසයේදී ප්‍රදානය කළේ ජාතික ක්‍රීඩා අරමුදලෙනි. එයින් පසුව එම අරමුදල හිස්ව පවතින බවද වාර්තාවේ.

මෙම අරමුදල මෙතෙක් පවත්වා ගෙන ගොස් ඇත්තේ අනුග්‍රාහක ආයතන වල දායකත්වයෙනි. ජාතික ලොතරැයි මණ්ඩලය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහිදී ඉදිරියෙන්ම සිටියහ. 

ක්‍රීඩා අමාත්‍යාංශය පසුගිය වසර කීපයේදී මුහුණ දුන් මුදල් සොයා ගැනීමේ අර්බූදයේදී ජාතික ක්‍රීඩා අරමුදලෙන් සුවිශේෂී දායකත්වයක් ලබා ගෙන තිබේ. ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර තරග සංචාර කීපයක වියදම් සදහාද ජාතික ක්‍රීඩා අරමුදලෙන් මුදල් ලබාගෙන ඇත.  මෙම අරමුදල ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ භාරකාරකාරත්වය යටතේ පවතින්නකි.

පසුගිය අගෝස්තු මාසයේ සිටම ජාතික ක්‍රීඩා අරමුදල හිස්ව පැවැතීමෙන් එයින් අනුග්‍රාහය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සැළසුම් කළ ක්‍රීඩා වැඩසටහන් ගණනාවක් අත් හිටුවා තිබෙන බවත් වැඩිදුරටත් වාර්තාවේ.


අදහස් (0)

ජාතික ක්‍රීඩා අරමුදල හිස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.