Last Update  :  2025-02-05 11:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩාවේ මහ ගෙදරත් සුද්දයට සැරසෙයි

ක්‍රීඩාවේ මහ ගෙදරත් සුද්දයට සැරසෙයි

editorial - 2025 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නව වසරේ (2025) පුනුරුද රජයේ ක්ලීන් ශ්‍රී ලංකා (දූෂණය පිටු දකිමු) වැඩසටහන ක්‍රීඩා අමාත්‍යාංශය තුළත් ක්‍රියාවට නැගීම ඊයේ (1 වැනිදා) රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරම්භ විය. ඒ සදහා ක්‍රීඩා හා යොවුන් කටයුතු ඇමැති සුනිල් කුමාර ගමගේ, නියෝජ්‍ය ඇමැතිවරුන් වන සුගත් තිලකරත්න සහ එරංග ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය ඇරඹුණි.

නාස්තිය හා දූෂණය පිටු දැකීම සදහා එහිදී  ක්‍රීඩා අමාත්‍යාංශය ආදර්ශවත් කැපවීමක් කරන බව එම අවස්ථාවට සහභාගිවූ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.

වත්මන් රජයේ ක්‍රීඩා ඇමැතිවරයාගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාගේ රාජකාරී කාර්යාල රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රය තුළම පවත්වා ගෙන යාමට මේ වන  විට තීරණයවී තිබේ. එම කාර්යාල තුනම මේ වන විටත් අළුත්වැඩියා කරමින් පවතී.


අදහස් (0)

ක්‍රීඩාවේ මහ ගෙදරත් සුද්දයට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.